මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකියි – අගමැති දිනේෂ් ගුණවර්ධන

52

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ (16 දා) අරලියගහ මන්දිරයේ දී මියන්මාර වැඩ බලන තානාපති ලෙයි යි වින් මහතා හමුවූ අවස්ථාවේදීය.

මැණික් හා ස්වර්ණාභරණ, තේ සහ පොල් වෙළෙඳාම, ඛනිජ ද්‍රව්‍ය, බෞද්ධ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකි බව එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේය.

පෙර සැකසුම් කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයේ යෙදී සිටින ශ්‍රී ලංකාවට ඇති අධි ඉල්ලුම සැපිරීමට මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා මියන්මාරයට ශ්‍රී ලංකාව වෙත පොල් අපනයනය කිරීමේ අවස්ථාව ඇති බව පෙන්වා දුන් අගමැතිවරයා සඳහන් කළේ මෙරට තේ වෙනුවට පොල් හුවමාරු කළ හැකි බවයි.

මේ වසරේ දී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන බව ද ඇය පැවසුවාය. මියන්මාරය 11 වැනි සියවසේ බඩාන් රාජවංශ සමයේ දී ථෙරවාදී බුදුදහම ස්ථාපිත කර වසර 1000ක් සමරණ බව ද ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශක තෙප් සව් ටෝ යන අය ද එක්ව සිටියහ.


advertistmentadvertistment