මුලතිව් කේපාපිලව් ගුවන් හමුදා කඳවුරු ආගන්තුක රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින මියන්මාර් සරණාගතයින් අතර සිටි කාන්තාවක මුලතිව් රෝහලේ දී 21 දා පිරිමි දරුවකු ප්‍රසූත කර තිබේ.
යුද ගැටුම් හේතුවෙන් වෙනත් රටකට පලා යෑම පිණිස මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් 105 දෙනකු බෝට්ටුවලින් ගමන් කරමින් සිටිය දී බෝට්ටු වරින් වර අනතුරට පත් වීමෙන් පසුව ඒ සියලුම දෙනා රැගත් එක් බෝට්ටුවක් අවසානයේ දී මුලතිව් බටහිර වෙරළ දෙසට පාවී පැමිණ තිබුණි. නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමළයට රැගෙන යෑමෙන් පසුව අධිකරණ නියෝග මත ඔවුන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අලුතින් පිහිටුවන ලද ආගන්තුක රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවීය.
එහි සිටි ගැබිනි මවක රාත්‍රියේ දී අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ නිසා ඇය මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇය මෙම දරුවා ප්‍රසූත කර තිබේ. මියන්මාර් කාන්තාව විසින් ප්‍රසූත කළ දරුවාට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට සිදුව තිබේ. කෙසේ වෙතත් දරුවා හා දරුවා ප්‍රසූත කළ මව මනා ශරීර සෞඛ්‍යයෙන් සිටින බව මුලතිව් රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති.
දිනසේන රතුගමගේ