මියන්මාර් හමුදා අධිකරණයෙන් සුකීට වසර 4ක සිරදඬුවමක්!

100

මියන්මාරයේ හිටපු නායිකා අවුනසාන්් සුකීට එරට හමුදා අධිකරණය වසර හතරක සිරදඬුවමක් නියම කර ඇත.

කොරෝනා නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට හමුදා අධිකරණය විසින් එම තීරණය ගෙන තිබේ.

එහෙත් එම චෝදනා ඇය ප‍්‍රතික්‍ෂේප කළාය. 2021 පෙබරවාරි 1 දා අත්අඩංගුවට ගනු ලැබූ ඇයට හමුදා බලධාරීන් විසින් චෝදනා 10ක් ගොනුකර තිබේ. ඇයට එරෙහි පැවැති මුල්ම නඩුව මෙයයි. මේ අතර ඇගේ ප‍්‍රධාන සහායක වින් ටෙකින්ට රාජද්‍රෝහි චෝදනා මත වසර 20ක සිරදඬුවමක් නියම වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment