පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් යෝජනාවක්
මියැදුණු අප දේශය යළි පණගැන්වීම පිණිස තුන් ඈඳුතු සංඝ ආඥාවක් පනවන ලෙස උමංදාව විහාර ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් මල්වතු මහනාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට ලිඛිතව යෝජනා කර තිබේ.
මේතාක් සිටි සියලුම දේශපාලනඥයන් හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා විගණනයට හා විමර්ශනයට ලක්කිරීම, දස වසරක ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, සියලුම දේශපාලනඥයන් වරප්‍රසාද විරහිත දේශපාලනයක දස වසරක කාලයක් නිරතවීම එම තුන් ඈඳුතු යෝජනාව වේ.
අසීමිත ලෙස ණය ලබාගැනීම හා ණය අවිධිමත් ලෙස පරිහරණය වැනි දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඛේදනීය තත්ත්වයකට මුහුණ දී සිටී.
ඉදිරියේදී මීට වඩා දරුණු භයානක තත්ත්වයකට පත්වෙමින් උද්ධමනය අධික වෙනිසියුලාවේ මට්ටමකට රට පත්විය හැක. මල්වතු මහනාහිමියන් හා අනෙකුත් නිකායන්වල මාහිමිපාණන් වහන්සේලා සියලු ආගමික නායකයන් හා ඇතැම් ආගම්වල අනුගාමිකයනුත් පොදුවේ එකතුවී සිංහල, දෙමළ, මුස්ලිම් භේද ඇති කර නොගෙන පවිත්‍ර දේශයක් ඇති කිරීමේ ප්‍රතිපත්තිය තීරණ ගැනීම අතිශයින් වැදගත් වන්නේ යයිද එහි දැක්වේ.
|