මිරිසවැටිය විහාරාධිකාරි ධුරය වැයිහේනේ සෝභිත නාහිමියන්ට

37

මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතලවැටුනුවැවේ ඥාණතිලක නාහිමිපාණන් රුවන්වැලි සෑ විහාරාධිකාරී තනතුරට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ධුරයට ශාස්ත්‍රපති වැයිහේනේ සෝභිත නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කර ඇත.

අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට ඉකුත් දා පත්වූ පල්ලේගම හේමරතන නාහිමියන් රුවන්වැලි සෑයේ විහාරාධිකාරී ධුරය දරමින් සිටියදී උන්වහන්සේ යටතේ තේවාව භාරව කටයුතු කරන ලද්දේ වැයිහේනේ සෝභිත නාහිමිපාණෝය.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment