මිලියන නවයක මත්ද්‍රව්‍ය තැපෑලේ ඇවිත්

126

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.එම නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන තිබේ.එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන බව රේගුව පවසයි.රේගුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එම මත්ද්‍රව්‍ය සහිත පාර්සල් කැනඩාව, එංගලන්තය සහ නෙදර්ලන්යේ සිට දෙහිවල, වැල්ලවත්ත, වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත ඒවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment