මිලියන 3746 ක ගොවි විශ‍්‍රාම පොල්ලක්

214

ගොවි විශ‍්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ යෝජනා ක‍්‍රමයට දායක වූ ගොවීන් එක් ලක්‍ෂ විසි පන්දහස් අටසිය විසිඅට දෙනෙකු සඳහා වර්ෂ අටකට අදාළව හි`ග විශ‍්‍රාම වැටුප් වශයෙන් රුපියල් මිලියන 3,745.9 ක් ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කර ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම යෝජනා ක‍්‍රමය යටතේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ දින සිට සාමාජිකයින්හට විශ‍්‍රාම වැටුප් ගෙවිය යුතු වුවත් විශ‍්‍රාම වැටුප් ගෙවිය යුතු දින සිට නොව විශ‍්‍රාම වැටුප සකස් කළ දින සිට ගෙවීම් සිදුකර තිබුණි. එම කාල පරාසයදී ගෙවිය යුතු හි`ග විශ‍්‍රාම වැටුප් සඳහා ද ප‍්‍රතිපාදනයකර තිබුණ ද 2012 වර්ෂයේ සිට 2020 දෙසැම්බර් මස 31 දක්වා වර්ෂ අටකට අදාළ මෙම ගොවීන් සඳහා ප‍්‍රතිපාදිත හි`ග විශ‍්‍රාම වැටුප් වූ රුපියල් මිලියන 3,745.9 ක් ගෙවීමට කටයුතුකර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

විශ‍්‍රාම වැටුප් ගෙවීම ඉහළයෑම නිසා 2019 හා 2020 වර්ෂයන් සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 3065 ක් හා රුපියල් මිලියන 4450.9ක් භාණ්ඩාගාරය මගින් ලබා දී තිබුණි. භාණ්ඩාගාරයේ දායකත්වය නොමැතිව මෙම විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පැවතුණු බවද විගණනය මගින් අනාවරණයකර ඇත. 2019 හා 2020 වර්ෂවලදී ගොවීන්ගේ දායකත්වය පිළිවෙළින් රුපියල් මිලියන 21.5 ක් හා රුපියල් මිලියන 19.3 ක් වූ අතර විශ‍්‍රාම වැටුප් ගෙවීම පිළිවෙළින් රුපියල් මිලියන 3217.3 ක් හා රුපියල් මිලියන 4502.5 ක් වී තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment