මිල අධික වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය සැකකරු එස් ටී එෆ් දැලේ

196

මිල අධික වාලම්පුරියක් සන්තකයේ තබාගෙන අධික මිලකට අලෙවි කිරීමට ගිය සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (05) කාත්තන්කුඩියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩිය ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

කල්මුනේ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව කාත්තන්කුඩි පොලිස් වසමේ කාලි කෝවිල් පාර, ආරියම්පදි 03 යන ලිපිනයේ පිහිටි නිවස තුළ දී සිදුකළ වැටලීමක දී සැකකරු සහ වාලම්පුරිය අත්අඩංගුවට ගැනිණි.

මිල අධික වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය සැකකරු එස් ටී එෆ් දැලේ

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය කල්මුණ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.එම්.පී.පී.එම්. ඩයස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකළහ.

වේයන්ගොඩ ඉන්දික තුෂාර කල්මුනේ ආර්. ශ්‍රීවේල්රාජා

advertistmentadvertistment
advertistmentadvertistment