මිල සහනයත් සමග 21 සිට පෙට්‍රල් දෙනවා – වැඩ බලන ජනාධිපති රනිල් කියයි

72

ජූලි 21 වැනිදා සිට ජනතාවට පෙට්‍රල් ලබාදීමට කටයුතු කරන බවත් ලෝක වෙළෙඳපොළේ පෙට්‍රල් මිල ද අඩුවූ නිසා එහි වාසිය ද ජනතාවට ලබාදෙන බවත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18 දා) පැවසීය.

විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩ බලන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

මම මැයි 13 වැනිදා අගමැතිකම භාරගත් අවස්ථාවේදී ආර්ථිකය කඩා වැටීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබුණා. ඒව විසඳන්න තමයි මම ක්‍රියා කළේ. එදා විදුලිබල කප්පාදුව පැය 05 යි. මම ඒක පැය 03 ට අඩු කළා. යල කන්නයට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහ කන්නයට වුවමනා පොහොර තමයි අපි ලබාගන්න ක්‍රියා කරමින් යන්නේ. මහ කන්නයේදී අපි ආපහු ආහාරවලින් ස්වයංපෝෂිත වෙනවා නම් කැමැතියි.

අද ගෑස් අඛණ්ඩව ලබා දෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඩීසලුත් අඛණ්ඩව ලබා දෙනවා. පෙට්‍රල්

ගැන මෙතෙක් ප්‍රශ්න තිබුණා. ජුනි මාසයේ ප්‍රකාශ කළේ ජූලි මාසයේ සති තුනක් තමයි අපිට අමාරුම කාලය යන්නේ කියලා. ජූලි 21 වැනිදා ඉඳන් පෙට්‍රල් එනවා. ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීම නිසා එම වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙනවා. ඒ වගේම ගොවි ණය අපි අහෝසි කරලයි තියෙන්නේ. පාසල් විවෘත කරනවා. ආර්ථිකය හදාගන්න අයි. එම්. එෆ්. සමඟ සාකච්ඡා ආරම්භ කරනවා. මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරනවා. ඒවාට මුහුණ දෙන්න ක්‍රියා මාර්ග අපි සකස්කර තිබෙනවා.

පාස්කු ඉරිදා කිතුණු දේවස්ථානවලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳීමට සියලු දෙනා එකඟ වන්නේ නම් බි්‍රතාන්‍ය පොලිසියේ සහාය

ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා කීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කොමිසමේ වාර්තාව මෙන්ම ඒ හා සම්බන්ධ වෙනත් වාර්තා ද නැවත සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් කල් යැවීමකින් තොරව මෙම ගැටලුව විසඳීම තම බලාපොරොත්තුව බවත් ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා සහ ශා්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment