මිස්… ඔය යකා ජරා පප්පෙක් දරුවන්ටවත් හරියන එකක් නෑ….

707

නයනතරා හා හා පුරා කියා සම්මුඛ පරීක්ෂණයකට කොළඹ, බාන්ස් ප‍්‍රදේශයට යන්නට ත‍්‍රිරෝද රථයකට අත ඇල්ලූවාය.

 ‘මිස් කොහාටද යන්න ඕනේ’ මැදි වයසේ ත‍්‍රිරෝද රථ රියැදුරු ඇයව ත‍්‍රිරෝද රථයට ගොඩ කරගන්නා ගමන් විමසීය.

 රථය කඩුවෙල, විහාර මාවත අසල සිට බොරැුල්ල දෙසට ධාවනය වන්නට විය.

 ‘පාරේ යන්න බෑ මිස්, පොලිස්කාරයො පොඞ්ඩක් ඇත්නම් දඩ කොළ ලියනවා. දැන් මේ හයර් කෙරිල්ලත් එපාවෙලා තියෙන්නෙ.’

 රියැදුරා තොරතෝංචියක් නැතුව කියවන්නේ රටේ බඩු මිලත් ආර්ථික ප‍්‍රශ්න ගැනත් විස්තර කරමිනි. ඇය වරින් වර හූමිටි තිබ්බා පමණි.

 ‘මිස් ඔන්න ඉස්සරහා ජරා පප්පා ඉන්නවා. මහ කාලකණ්ණි ට‍්‍රැෆික් සාජන් කෙනෙක්. සල්ලිමයි ගන්නෙ. ළමයින්ට කන්න දෙන්නෙත් ඒ ජරා සල්ලිවලින්ද දන්නෑ. ළමයින්ටත් හරි යයිද මන්දා’ රියැදුරා පාරේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් කාරයා ගැන දුන්නේ එහෙම චරිත සහතිකයකි.

 ‘රථයේ පිටුපස අසුනේ සිටි ඇය ඔළුව හරවා පාරේ සිටි පොලිස් නිලධාරියා දෙස බැලූවේ ජරා පප්පාගේ හැඩරුව බලන්නටය. ඇයට උන්හිටි තැන් අමතකව යද්දී දෑසට කදුළු නැඟිණි. ඒ වෙන කවුරුත් නොව ඇයගේ පියාණන්ය.

 ඇය යටිතොල හපා ගනිමින්, සිතෙන් බැණ වැදුණේ ත‍්‍රිරෝද රියැදුරාට නොව ජරා පප්පාටය. ඇය සැණින් ත‍්‍රිරෝද රථ රියැදුරුට මුදල් ගෙවා ඔහු පිටත් කර පියා ළඟට ගොස් හඬා වැටෙමින් ඉල්ලූයේ ‘තාත්තෙ ජරාව කන්න එපා. අපිට පාරෙ බැහැලා යන්න ඕනෙ’ කියා පමණි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment