මීගහතැන්න දිසා රෝහල නායයයි

446

අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම මීගහතැන්න දිසා රෝහලේ භූමියෙහි කොටසක් නාය ගොස් ඇත.
රෝහලේ එක් පසක පිහිටි තාප්පයක් සහ උස් බිමක් මෙලෙස නාය ගොස් ඇති අතර ඉන් අසල පිහිටි රෝහල් ගොඩනැගිලි වලටද අනාරක්ෂිත බවක් ඇතිව තිබේ.
මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ද මේ අසල පිහිටා තිබීම නිසා මෙම නාය ගිය ස්ථානය ප්‍රදේශයේ ජනතාව නිතර ගැවසෙන ස්ථානයකි.


advertistmentadvertistment