මීගොඩ ආර්ථිකයේ කොල්ලයක් – ඔහොම හිටපං හෙල්ලෙන්න එපා

389

අවිගත්තෝ අයකැමිවරියට වෙඩි තබා මුදල් පැහැරගනිති
පොලිසිය කූද්දවා යුනිෆෝම් අන්දවාගෙන එනකොට පෙරහැර ගිහින්
මීගොඩ ආර්ථිකයේ ආරක්‍ෂාවේ හිල්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (12 දා) අලුයම කඩා වැදී එහි සේවිකාවකට වෙඩි තබා මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කර ඇත.

කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ 23 හැවිරිදි සේවිකාව හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පළාගිය කොල්ලකරුවන් අත්අඩංගුවාට ගැනීමට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

කොල්ලකරුවන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත කඩා වැදී ඇත්තේ ඊයේ අලුයම 1.30ට පමණය. ඒ යතුරුපැදියකින්ය. කොල්ලකරුවන් දෙදෙනා එහි වෙළෙඳසලකට ඇතුළු වී මුදල් අයකැමි සේවිකාවට පහරදී එක් ලාච්චුවක තිබූ මුදල් කොල්ලකා ඇත.

අනෙක් ලාච්චුවේ යතුරු ලබාදෙන ලෙස කියමින් කොල්ලකරුවන් සේවිකාවට තර්ජනය කර ඇත. එහෙත් ඇය එම යතුරු ලබාදීම ප්‍රතික්‍ෂ්ප කිරීම නිසා කොල්ලකරුවකු ඇයට වෙඩි තබා පළාගොස් තිබේ.

කොල්ලකරුවන් රුපියල් 50,000 කට ආසන්න මුදලක් මෙසේ කොල්ලකා ඇති බවද වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනි අවියක් බවද පොලිසිය පවසයි.

මෙම කොල්ලය සිදුවූ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පොලිස් මුරපළක්ද ඇති අතර එය පිහිටා ඇත්තේද කොල්ලය සිදුවූ වෙළෙඳසල ආසන්නයේය.

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජයමහ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලලිත් අබේසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු සහ කඩුවෙල සුගත් ප්‍රේමතිලක


advertistmentadvertistment