ගුවන්තොට යට වෙයි : පාසල් වැසෙයි : මරණ 2ක්
‘මීඡවුම්’ සුළිකුණාටුව හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළ ජලයෙන් යටවී තිබේ.
මේ කුණාටුව හේතුවෙන් චෙන්නායි වෙත පැමිණෙන ගුවන්යානා බැංගලෝර් ගුවන් තොටුපළ වෙත හරවා තිබේ.
පැයට කිලෝමීටර් 100කට අධික වේගයෙන් හමන සුළං සමග අධික වර්ෂාව පතිත වීම නිසා චෙන්නායි නුවර සියලු ම පාසල් වසා දමා ඇත. අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ අනතුරු නිසා පුද්ගලයින් දෙදෙනකු මරණයට පත්ව තිබේ. ‘මීඡවුම්’ සුළි කුණාටුව අද (05 දා) අන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඇතුළු වීමට නියමිතය.
චතුර පමුණුව