මීටරයේ දුර තියාගෙන වායෝ වැඬේ පටන් ගනී

289

අනාගතය මේ වසරේ අවසන්


ප‍්‍රසංගයේ එකම වෙනස ශාලාව පිරෙන්නේ නැහැ



අද කාලේ මොන මාතෘකාව කතා කළත් අවසානයේ කෙළවර වෙන්නේ කොවිඞ්වලින්. කොවිඞ් හින්දා තමන් කරගෙන ආපු දේවල් එහෙම නැතිනම් තමන්ගේ වෘත්තීය අඩාල කරගන්නත් බැහැනේ. සෞඛ්‍ය බලධාරීන් පනවන නීතිරීති යටතේ තමන්ගේ වෘත්තිය කර ගෙන යන්න එපායැ” නැතිනම් ඔය කියන නීතිරීති යටතේ අපි කොහොමද රස්සාව කරන්නේ කියලා හිත හිත ඉඳලා වැඩක් නැහැනේ. ගෘහස්ථ ප‍්‍රසංග කලාවක් ආරම්භ කරන්න සෞඛ්‍ය අංශ නීතිරීති මාලාවක් පැනවූවා. පසු ගිය සතියේ අපි ඒ ගැන කතා කළත්” මෙවර අපි කතා බහ කරන්නේ මේ නීතිරීති රාමුව යටතේ අලූත් වැඩක් අලූත් විදිහට හිතලා කරන කට්ටියක් ගැන.

මෙයාල කොහොමත් හැමදාම අලූත් විදිහට හිතලා අලූත් යමක් කරපු කට්ටියනේ. හැමෝම ඔය කියන නීති රීති වලට ගෘහස්ථ ප‍්‍රසංග කරන්න බැහැ කියන වෙලාවක වායෝ සංගීත කණ්ඩායමේ නියමු සංගීත් විජේසූරිය එයාලගේ අනාගතයේ ප‍්‍රසංගය අහවර කරන්නයි යන්නේ.

මුලින්ම කියන්න ඕනෑ මේක අපේ රස්සාව. අපේ හැකියාව තමයි මියුසික්. අපි ඒ හැකියාව තමයි පාවිච්චි කරන්නේ ජීවත් වෙන්න. එතකොට මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට සිද්ධ වුණා අපේ රැුකියාව නවත්වන්න. හේතුව අපේ රැුකියාව කරන්න වෙලා තියෙන්නේ මිනිස්සුත් එක්ක ඉඳලනේ. මිනිස්සුත් එක්ක එකට හිටියාට මේ වෛරසය පැතිරෙන නිසා සෞඛ්‍ය අංශ සීමාවන් පැනවූවා. මේ හේතුව නිසා අපේ කර්මාන්තය කරගෙන යන්න බැරිවුණා. මේ පැන්ඩමික් එක නිසා අපිට අපේ රස්සාව කරගෙන යන්න බැරිවුණා. ඒකට කාටවත් දොස් කියලා බැණලා වැඩක් නැහැ. මේක ස්වභාවදහමින් ලැබුණු දඬුවමක්.

දැන් අනෙක් ක්‍ෂේත‍්‍රවලත් වැඩකටයුතු සිද්ධ වෙන නිසා අපිට බලධාරීන් විසින් අවසර දීලා තියෙනවා. නීති කඩන්නේ නැතිව අරපරිස්සමින් මේක කරගෙන යන්න. ගෘහස්ථ ප‍්‍රසංගවල හෝල්වල පරිමාවෙන් සියයට පනහකට අවසර ලබාදුන්නා. ඇත්තටම අපි වෙඩින් ගැන එච්චර සැලකීමක් දක්වන්නේ නැහැ. දැන් අපිට ඉන්ඩෝවලට අවස්ථාව හම්බ වුණා. ඒ හින්දා දැන් අපි මේ වැඬේ ටක්ගාලා පටන් ගත්තා.

ජුලි 31 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ සවස 6.30 ට අපේ අනාගතය ප‍්‍රසංගය පවත්වනවා. මේ ශාලාවේ ආසන 1400 ක් තියෙනවා. ඒකෙන් හරි අඩකට තමයි අපිට ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කරන්න පුළුවන්. අපි ඒ හරි අඩෙනුත් ආසන සියයක් අඩුකරලා ආසන 600 කට තමයි ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කරන්නේ.

අපි එක තැන් වෙලා අවුරුදු එකහමාරක් දෙකක් හිටියා. ඉතිං පළවෙනි දේ අපිත් ඒ ගොඩට අයිතියිනේ. අපිත් සාමාන්‍ය මිනිස්සුනේ. ඉතිං අපේ රස්සාව කරගන්නත් ඕනෑ.

හරි නම් එළිමහන් ප‍්‍රසංගවලටත් අවසර දෙන්න ඕනෑ. මොකද ගෘහස්ථ ප‍්‍රසංගවලට වඩා එළිමහන් ප‍්‍රසංග ආරක්‍ෂා සහිතයි. මීටරයේ දුර තියලා හොඳ දුර අවකාශයක අපිට එළිමහන් ප‍්‍රසංගත් කරන්න පුළුවන්. අපි ඉදිරියේදී බලධාරීන් සමඟ ඒ ගැන සාකච්ඡුා කරනවා.

මීටරයේ දුර ප‍්‍රසංගයේ කොහොමත් තියා ගන්නවා. සමහර වෙලාවට එක පවුලේ අය ප‍්‍රසංග බලන්න ආවොත් දොරටුවේදී කිව්වොත් අපි එක පවුලේ කියලා සමහර විට ඔවුන්ට එකළඟ ඉන්දවන්න පුළුවන්. නමුත් ඒකත් උත්සාහ කරන්නේ වෙන්කරලා තියන්න. මුව ආවරණය අනිවාර්යයි. දැනටම මේ ප‍්‍රසංගයේ විශාල ටිකට් ප‍්‍රමාණයක් විකිණිලා අවසන්. ඒ කියන්නේ මිනිස්සුන්ට අපිව විශ්වාසයි. අපි මේ වැඬේ බෝ නොවන විදිහට ඉස්සරහට අර ගෙන යන්න තමයි සූදානම. අනික මෙතැනට එන අයත් ඩිසිප්ලීන් තියා ගැනීම හරි වැදගත්.

අපි ගිය අවුරුද්දේ තමයි වායෝ අනාගතයේ ප‍්‍රසංග මාලාව අවසන් කරන්න හිටියේ. අපි මුලින්ම කළේ අපි කවුරුද ප‍්‍රසංග මාලාව ඒක ඉවර කරලා තමයි අනාගතයේ් කොන්සර්ට් එක පටන් ගත්තේ. අනාගතයේ ගීතයක් එක්ක. අනාගතයේ සින්දුව හැදුවේ සනුකයි එයා ගේ තාත්තයි එකතුවෙලා. ඒකත් එක්ක තමයි අපි රටේ මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන්න” මිනිස්සුන් ගස් කපන එක නතර කරන්න. මිනිස්සුන්ගේ චින්තනය මේ සින්දුව හරහා වෙනස් කරන්න සූදානම් වුණේ. කොරෝනා හින්දා අපිට ගිය අවුරුද්දේ ඒ වැඬේ කරගන්න බැරිවුණා.

මොකද එකක් ඉවර කරනවා කියන්නේ තව වැඩකට අතගහනවා කියන එකනේ. අපි තාම වැඩකට අතගසමින් ඉන්නේ. ඉතිං ඒ වැඬේට අතගහන්න පටන් ගන්න මේ වැඬේ ඉවර කරන්න එපායැ. ඒකයි අපිට මේ ලැබුණු අවස්ථාවේ අනාගතයේ ප‍්‍රසංගය ඉවර කරන්න තීරණය කළේ.

අපි මේ කොළඹ තියෙන අනාගතයේ අවසාන ප‍්‍රසංගය. අනාගතයේ ප‍්‍රසංගය මේ වසර පුරාම අනෙකුත් නගරවල කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වසර අවසානයේ මේ ප‍්‍රසංගය අවසන් කරනවා. අනාගතයේ ප‍්‍රසංගයේ වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ එන අයගෙන් ශාලාව පිරෙන්නේ නැහැ. ශාලාවෙන් භාගයයි. වෙනදාට වඩා ආරක්‍ෂිත ක‍්‍රමෝපායන් භාවිත කරමින් තමයි ප‍්‍රසංගය බලන්න වෙන්නේ.


දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment