මීරිගම තෙල් පෝලිමක තවත් මරණයක්

337

ඉන්ධන ලබා ගැනීම සඳහා මීරිගම සමුපකාර ඉන්ධන පිරවුම්හලට පැමිණි පුද්ගලයෙකු ඊයේ (21 දා) හදිසියේ බිම ඇද වැටී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ නාවන, මීරිගම පදිංචිව සිටි කේ. ජේ. වික‍්‍රමපාල නමැති 76 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු හෘද රෝගියකු බවද පොලිසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයා ඉන්ධන මිලදී ගැනීමට බූලි කිහිපයක්ද රැුගෙන ඥාතීන් කිහිප දෙනෙකු සම`ග අදාළ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇත. එහිදී ලබා ගත් ඉන්ධන ඔවුන් පැමිණි ත‍්‍රිරෝද රථයට පැටවීමේදී මියගිය පුද්ගලයා ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති අතර පසුව ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතත් එහිදී එම පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්වු බව පොලිසිය පවසයි.

ඔහුගේ දේහය පිළිබඳ මරණ පරීක්‍ෂණය ඊයේ මීරිගම හදිසි මරණ පරීක්‍ෂක සමන්ති පස්යාල මහත්මිය විසින් පවත්වන ලද අතර එහිදී මියගිය පුද්ගලයා හදවත් රෝගයකින් පෙළී සිට ඇති බව තහවුරු වී ඇත.

මීරිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කේ. එන්. ඕ. වික‍්‍රමආරච්චි මහතාගේ උපදෙස් මත මීරිගම පොලිසිය විමර්ශන සිදු කරයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment