මීවිතේ ගී විත

120

රස ආහර කවලා
රන් කූඩුවෙ දමලා
ඇති කරන්න ගත්ත මාල ගිරවී
අතහරින්නේ කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඇය දාලා යයි කියාලා

මම බත් කෑවද ගිරවි කියල ඇහුවම
ඔව් මම බත් කෑව කියනවා
මම ගිරවි ගිහින් කැලේ අතහරින්නද?
අනේ අනේ එපා කියනවා

මම ඇතිකෙරුවත් රන් කූඩුවෙ දමලා
කුස පිරෙන්න රස ආහර කවලා
ගිරවුන් යනවලූ ලැබුණොත් පැනලා
ඔබ යනවද මටත් එහෙම කරලා

වත්තෙ මල් පිපෙන්නෙ නෑ
ගෙදර සිරියාවක් නෑ

ඔබ නැතිනම් මේ දේවල් නෑ
වෙන ගිරවුන් හොඳ නෑ
මගේ ගිරවි එහෙම නෑ
අතහැරියත් දාලා නෑ

ඔබේ රෑන සමග පියඹාගෙන යන්න
කුඹුරට ගොස් අහුලාගෙන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න

ලස්සන මල්වතුවල ගැවසෙන්න
වලාකුළු ඉරාගෙන ඉගිලෙන්න
නෙලාගෙන ඇවිත් පළතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න

ඒ විදිහට ඉන්න ආසදැයි බලන්න
කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාලා යන්න බැහැ නේද කියන්න
මට ආසයි එය දැනගන්න


අප ගීතය කෙරෙහි ආසක්ත වූ 70 දශකයේ දී ගුවන්විදුලි කාල පැලෑනෙ” ගීත සඳහා වෙන් කර තිබූ වැඩසටහන් බොහෝමයක එතෙක් බහුලව ප‍්‍රචාරය වූ හින්දි අනුකාරක ගීත සහ බටහිර පන්නයේ වේගරිද්ම ගී ඉවත්වෙමින් ස්වතන්ත‍්‍ර ගීත රචනා වලින් සමන්විත නව ගායනාවන් ඇතුළත් වූයේ දේශාභිමානය සහ ගුවන්විදුලි සරල ගී වැඩසටහන් තුළින් දොරට වඩින ලද ගීත වලට ප‍්‍රමුඛත්වය සපයුමිනුයි. එලෙසම නව ගේය පද රචකයින්ටද අවස්ථා උදාකර දෙමින් ”ගීත තරංගනී” ”ප‍්‍රබුද්ධ ගී” ”නව පදමාලා” වැනි වැඩසටහන් අතරින් ගුණාත්මක ගීත ගණනාවක් ගුවන්විදුලි තැටි ගබඩාවට එකතු වුණා.

මීවිතේ ගී විත

සරල ගී වැඩසටහන් උදෙසා ගායන ශිල්පීන් වර්ග කිරීමත් සමග” අති දක්ෂ නිර්මාණශීලී ගායන ශිල්පී” ශිල්පිනීන්ට මෙන්ම නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂකවරුන් ට බොහෝ අවස්ථාවන් සැපයුනේ” සාම්ප‍්‍රදායික ගීත රචනා කලාවෙන් බැහැරව නව ගී ආරක් බිහි කරන්නට උත්සුක වූ ගේය පද රචක සමූහයකගේ රචනාවල නැවුම් බව ද ප‍්‍රයෝජනයට ගනිමින්. මහගමසේකර” කරුණාරත්න අබේසේකර” ඩෝල්ටන් අල්විස්” මඩවල එස්. රත්නායක” ධර්මසිරි ගමගේ” සුනිල් ආරියරත්න” සුනිල් සරත් පෙරේරා” අජන්තා රණසිංහ” පේ‍්‍රමකීර්ති ද අල්විස්” ලූෂන් බුලත්සිංහල” කුලරත්න” ආරියවංශ සුනිල් ආර්. ගමගේ” කුමාරදාස සපුතන්ත‍්‍රී” දයා ද අල්විස් කේ. ඞී. කේ. ධර්මවර්ධන” මහින්ද අල්ගම” උපාලි ධනවලවිතාන” ප‍්‍රියානන්ද විජේසුන්දර” කුසුම් පීරිස් වැනි ප‍්‍රතිභා වන්තයින්ගේ රචනා ඒ වැඩසටහන් තුළින් අපට ශ‍්‍රවණය කරන්නට ලැබුණා පමණක් නොවෙයි” බොහෝ සංගීතමය වැඩසටහන් තුලින් ඒවා නැවත නැවත ශ‍්‍රවණය කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා නව රචක පරපුරකට ඉන් ලැබුණු ආදර්ශය ආභාෂය සහ අනුබලය මෙතෙකැයි කිව නොහැකියි.

 එහෙත් මේ නිසා ගුවන්විදුලියේ වැඩසටහන් තුලින් කණ්ඩායම් ගීත” බයිලා ගීත වැනි වේග රිද්මයෙන් සහ බටහිර ආරට ගැයෙන ගීත සඳහා වෙන්වූ ගුවන් කාලය ක‍්‍රමයෙන් අඩු වී ගොස් ඒවා පැය භාගේ” පැය කාලේ වැඩසටහන් වියයුතු යැයි සීමා පැනවෙද් දී” උත්තර භාරතීය රාගධාරී සංගීතය හා ජන ගායන පර්යේෂණ ඇසුරින් බිහි වූ ගීත සඳහා වැඩි වැඩියෙන් ඉඩ ප‍්‍රස්ථාව ලැබුණා.

 ඉන්පස්සේ බයිලා කපිරිඤ්ඤා ආරෙන් ගී ගැයූ එම්. එස්. ප‍්‍රනාන්දු” ඇන්ටන් ජෝන්ස්” පෝල් ප‍්‍රනාන්දු” ක‍්‍රිස්ටෝපර් පෝල්” නිහාල් නෙල්සන් වැනි දක්ෂයන් ගේ ගීත අසන්නට අවස්ථාව ලැබුණේ එළිමහන් සංගීත ප‍්‍රසංග වල දී පමණයි. බොහෝ අය ඒ ගීත” ගර්හිත ගීත කලාවක් ලෙසින් පිළිකුල් ලෙස කතා කරන්න ගත්තේ ඉන් ගීත සාහිත්‍යයට වැඩි යමක් සිදු නොවේ යන අදහසින්.

 එහෙත් ඉන් වසර ගණනකට පමණ පසුව” මහාචාර්ය සුනිල් ආරියරත්නයින්” පෘතුගීසි ජන ජනවර්ගයාගේ මෙරට සංක‍්‍රමණය නිසා අප වෙරළබඩ ප‍්‍රදේශවල බහුලව ව්‍යාප්ත වූ බයිලා කපිරිඤ්ඤා ගායනාවන් පිළිබඳව විශේෂිත පුළුල් පර්යේෂණයක් සිදු කරනවා. ඒ තුළින් අපගේ ජනතාව තුලට කාන්දු වූ මේ ගායනා විධීන් ගැන අල ගිය” මුල ගිය තැන් සොයා යද්දී” බයිලා කපිරිඤ්ඤා ආරට ගැයුණු ගුවන් විදුලි ගීත පිළිබඳවත් එතුමන්ගේ පරීක්ෂණාත්මක ඇස යොමු වෙනවා” සුනිල් ආරියරත්න ”බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්” නම් වූ පර්යේෂණ ග‍්‍රන්ථය දොරට වැඩිය දිනයේ” එම උත්සවයේ මුලසුන හොබවන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයින්. සුනිල් ආරියරත්නයින් ගේ දේශණය තුළ බයිලා ගායක එම් එස් ප‍්‍රනාන්දු මහතා ලියා සංගීතවත් කොට ගායනා කළ ”රස ආහර කවලා” ගීතය ගැන විශේෂ සඳහනක් සහ එම ගීතය නිර්මාණය දී එම්. එස් දක්වා ඇති පර්යේෂණාත්මක ප‍්‍රතිභාව පිළිබඳ විශේෂයෙන් ඉස්මතු කොට කියැවෙනවා. මෙය අසා සිටින මහාචාර්ය සරච්චන්ද්‍රයෝ පවසන්නේි..අද සිට තමා අලූතෙන් බයිලා කපිරිඤ්ඤා ආරට ගැයෙන ගීත පිළිබඳව පිළිබඳව වැඩියෙන් අවධානය යොමුකරන බවත්” එම්” එස් ගේ ”රස ආහර කවලා” ගීතය විශේෂ ගීයක් සේ තෝරා ගන්නා බවත්ය. ඉන් ටික කලකට පසුව බයිලා ආරේ ගීත රචනා සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න ප‍්‍රමුඛ කොට” අපේ පරපුරේ රචකයින් නොබියව ඉදිරිපත් වන්නේ” එයට එතෙක් තබා තිබූ ”ගර්හිත” ලේබලය එම පර්යේෂණ කෘතිය නිසා ගැලවී යාමේ නිදහස සහ ආනන්දය සමඟිනුයි. ”ආජු තපර ලාහිලා” වැනි ගීත බිහි වන්නේ මේ පෙළඹවීම අප පරපුරේ ගේය පද රචක සිත් තුලට ඇතුළු වීමේ ප‍්‍රවණතාව අනුවය”

රස ආහර කවලා…” ගීත රචනාව අද දවසේ මේ විපරීත සමාජ ක‍්‍රමයටද මනාව ගැලපේ යන්න මගේ හැඟීමයි. යම් යම් ආකාරයෙන් බලයෙන්” ධනයෙන් පුද්ගලයින් තමන් උපයාගත් ධනය හමුවේ” දුක් විඳින ජනතාවගේ හඬට පිටුපා ගත කරන කාම සුඛල්ලිකානු චර්යා රටාවන්හිදී” ”රන් කූඩු”වැනි සුවපහසු නිවහන් සපයා දෙමින් ආගන්තුක මාල ගිරවියන් පෝෂණය කිරීම” ඒ ගිරවියන් හා ගැවසීමේ සුපහස විඳිමින් තමන්ගේ ජීව විද්‍යාත්මක විඩාව සන්තර්පණය කරගැනීම බහුලව සිදුවන්නක්. මේ කටයුතු සඳහා උදව් උපකාර කරන සහචරයින් පවා” ගමේ දෙනිපෙතේ නිදහසේ ගත කළ කිරිල්ලියන් සපයා දීමේ කොන්ත‍්‍රාත්තුව බාර ගන්නේ ඉන් තමන්ට ලැබෙන වරදාන” වරප‍්‍රසාද වලට ඇති ගිජු කමින්. එලෙසම සමහර මාල ගිරවියන් ස්ව කැමැත්තෙන්ම මේ ගොදුරු බිමට පිවිසෙන්නේ ඉන් තමන් හට සැනින් ලබා ගත හැකි තත්ත්වය” බලය සහ ආරක්ෂාව ගැන ඇති අප‍්‍රමාණ ලොල් බවකිනුයි. ඒ සමහරු පසුව ”රන් කූඩුව” අයිති පුද්ගලයාව මෙහෙයවන තැනැත්තියන් බවටද පත්වන අවස්ථා ද එමටයි.

නමුත් ඔවුන් දන්නෙ නැහැ ඊළඟ මාල ගිරවියක් රන් කූඩුව වෙත ගෙන එන තුරු පමණක් තමන් බොල් සිහිනයේ නිදැල්ලේ පාවී යන බව.

මම බත් කෑවද ගිරවි කියලා ඇහුවම…
ඔව් මම බත් කෑව කියනවා..
මම ගිරවි ගිහින් කැලේ අතහරින්න ද
අනේ අනේ එපා කියනවා…

නව විලාසිතාවන්ට හුරු පුරුදු වූ” රස මසවුලෙන් පිනාගිය සිත් ඇති ගිරවියන්ට ආපසු කරල් ඇහිඳින්න ගමේ වෙල් ඉපනැල්ලට යන්න පුලූවන්ද? උදේ හවස දුක්විඳින” අත්තටු රිදී තැවෙන ගිරා අම්මලා මේ රැවටුණු මාල ගිරවියන්ව නැවත පිළිගනීවිද?

”මාව දාලා යන්න” බැහැ නේද කියන්නි..මට ආසයි එය දැනගන්න…”.

රන් කූඩු අයිතිකාරයෝ හැමදාම එසේ අසනවා.

ගේය පද රචනය,
සංගීත නිර්මාණය සහ ගායනය:
බයිලා චක‍්‍රවර්ති එම්. එස්. ප‍්‍රනාන්දු

මීවිතේ ගී විත
advertistmentadvertistment
advertistmentadvertistment