මුජීබ් – රෂීඩ් 20 -20 වත් නැහැ

321

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සතුව සිටින ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනාගෙන් දෙදෙනෙකු වන රෂීඩ් ඛාන් සහ මුජීබ් උර් රහ්මාන්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාවද අහිමි වී ගොස් ඇත.

පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයෙන් තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් රෂීඩ්ට එම අවස්ථාව අහිමි වන අතර දකුණු අතෙහි සිදු වූ ආබාධයක් හේතුවෙන් මුජීබ් උර් රහ්මාන්ට අවස්ථාව අහිමිව ගොස් ඇත.

ඊබ්‍රහීම් සද්‍රාන්ගේ නායකත්වයෙන් යුත් 20යි 20 සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් අතර මොහොමඩ් නබි එම සංචිතයේ සිටින ප්‍රධාන දඟ පන්දු යවන්නා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment