මුත්‍රා සමග  ප්‍රෝටීන් පිටවීම

744

මුත්‍රාවල අසාමාන්‍ය ලෙස ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇතිවිට එය වකුගඩු රෝගවල ලක්‍ෂණයක් ලෙස හඳුන්වයි. වකුගඩු හොඳින් ක්‍රියාකරනවිට මුත්‍රාවලට විශාල වශයෙන් ප්‍රෝටීන් යෑමට ඉඩ නොදෙන පෙරණයක් ලෙස ක්‍රියාකරයි. නමුත් වකුගඩුවල රෝග ඇතිවීම මෙලෙස මුත්‍රා සමග අසාමාන්‍ය ලෙස ප්‍රෝටීන් පිටවේ.

 සාමාන්‍යයෙන් මුත්‍රාවල ප්‍රෝටීන් බැහැර කිරීම පැය 24ක් තුළදී මිලිග්‍රෑම් 150කට අඩුවිය යුතුය. මුත්‍රා සමග ඇල්බියුමින් ප්‍රෝටීනය පිටවීම දිනකට මිලිග්‍රෑම් 30කට වඩා විය යුතුය.

 වකුගඩු රෝගයක දී මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවනවිට මුල් අවස්ථාවේදී රෝගීන් ගෙන් කිසිදු රෝග ලක්‍ෂණයක් දැකගත නොහැකිය. නමුත් වකුගඩු රෝගය උග්‍රවීමත් සමග පෙණ හෝ බුබුළු සහිතව මුත්‍රා පිටවීම, මුහුණ බඩ, අත් සහ පාද ඉදිමුම, නිතර නිතර මුත්‍රා පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාව, ආහාර රුචිය අඩුවීම සහ වමනය මාංශ පේශී කැක්කුම හා තෙහෙට්ටුව වැනි රෝග ලක්‍ෂණ දැකිය හැකිය.

 වකුගඩු රෝගී වූ අවස්ථාවලට අමතරව මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන වෙනත් රෝග තත්ත්වයක් ද පවතී.

 විජලනය, තරබාරුකම, අඩු රුධිර පීඩනය, උණ, අධිකව වෙහෙසීම, දැඩි ආතතිය, වකුගඩු ගල්, ඉතා අඩු උෂ්ණත්වයක් පැවැතීම, වයස අවුරුදු 65ට වැඩිවීම, වකුගඩු රෝග පවුලේ අන් සාමාජිකයන්ට තිබීම නිසා ආරෙට යෑමේ හැකියාවක් ඇතිවිටදී ය.

 වකුගඩුවලට හානි සිදුකිරීමට බලපාන ප්‍රධාන රෝග දෙකක් වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනයයි. ඊට අමතාව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝග මතුවීම, හෘදයාබාධ, වකුගඩු අසාත්මිකතා, රුධිර පිළිකා, වකුගඩු පිළිකා සහ වෙනත් රෝග තත්ත්වයන් ද නිසා වකුගඩු හානියට ලක්විය හැකිය.

 එබැවින් වෛද්‍ය පරීක්‍ෂණයකදී මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම අසාමාන්‍ය බව හඳුනාගතහොත් වහාම ඊට නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.

 නිසි ප්‍රතිකාර සිදු කිරීමෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය දුර්වලවීම වළක්වා ගත හැකිය.

මුත්‍රා සමග  ප්‍රෝටීන් පිටවීම



 වෛද්‍ය දිනූෂ වීරසිංහ

 වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය, මාලිගාවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment