මහනුවර ඇසළ පෙරහැර ඇතුළු රටපුරා පෙරහැර රැසකට දායකත්වය ලබාදුන් මුතියංගණ රජමහා විහාරයේ ‘මධු’ (මදුසංක) නම් හස්ථියා මහියංගණ රජමහා විහාරයේ ඇසළ පෙරහැරට සහභාගී කරවීමට රැගෙන පැමිණ සිටියදී, අලි ඇතුන් වෙනුවෙන් කිතුල් හා කොස් අතු රැගෙන ඒමට මිණිපේ ප්‍රදේශයේ ගෙවත්තකට ගොස් සිටියදී, වැසිකිලි වළකට වැටී පසුගිය 12 දින සවස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මිණිපේ වේරගන්තොට, වේරගම වසමේ, දිග්ගොම්වන ප්‍රදේශයේදී ගෙවත්තක් වෙත දහවල් 1.00ට පමණ පොල් අතු, කිතුල් හා කොස් අතු රැගෙන යෑමට පැමිණි මධු හස්ථියා ගෙවත්තේ තිබු අඩි 10කට වඩා ගැඹුර වැසිකිළි වළක කොන්ක්‍රීට් ලෑලි මත පය තැබීමෙන් කොන්ක්‍රිට් ලෑලි කඩාගෙන හස්තියා වැසිකිළි වළට වැටී ඇත. දහවල් 2.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර එම මොහොතේ සිට මධු හස්තියා ගොඩ ගැනීම සඳහා මහියංගණ රජමහා විහාරයේ නායකහිමියන් ගම්වාසිීන් හසලක පොලිසිය මැදිහත්ව මහත් පරිශ්‍රමයක් දරා තිබේ. බැකෝ යන්ත්‍ර තුනක් රැගෙනවිත් හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට විශල පිරිසක් වෙහෙම මහන්සි වූහ. කෙසේ වෙතත් සවස 6.30ට පමණ මධු හස්තියා අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගොස් තිබේ.
මහියංගණ – රංජිත් කරුණාවීර