මුදල් නැති කෙනෙකුට චිත‍්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ… ශ‍්‍රී ලාංකීය චිත‍්‍ර කලාවේ සේමගේ ලකුණ මැකී යයි… එදා ජයසිරි සේමගේ දිවයින සමඟ කළ පිළිසඳර

674

ශ‍්‍රී ලාංකේය චිත‍්‍ර කලාවේ ස්වකීය අනන්‍යතාව ගොඩනඟා ගනිමින් විශිෂ්ට මෙහෙවරක නිරත වූ දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ පෙරේදා ස්වකීය ජීවිත සිතුවමේ සදාකාලික නැවතීම සටහන් කළේය.

මුදල් නැති කෙනෙකුට චිත‍්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ... ශ‍්‍රී ලාංකීය චිත‍්‍ර කලාවේ සේමගේ ලකුණ මැකී යයි... එදා ජයසිරි සේමගේ දිවයින සමඟ කළ පිළිසඳර

වසර 83ක ආයු කාලය තුළ ඔහු පින්සලෙන් අප හමුවේ තැබූ බොහෝ චිත‍්‍ර මෙරට පමණක් නොව විදේශයන්හිද දකින්නට තිබේ. මෙරට තොරණ චිත‍්‍ර කලාවේද සේමගේ චිත‍්‍ර නොමියන මතකයක් තැබීය. වෙසක් තොරණවල බොදු සිතුවම් මෙන්ම දිවංගත රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේ ගම්උදා ප‍්‍රදර්ශනවලද සේමගේ චිත‍්‍ර ශිල්පියා කළ චිත‍්‍ර නිර්මාණ අපේ මතකයට එයි.

මුදල් නැති කෙනෙකුට චිත‍්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ... ශ‍්‍රී ලාංකීය චිත‍්‍ර කලාවේ සේමගේ ලකුණ මැකී යයි... එදා ජයසිරි සේමගේ දිවයින සමඟ කළ පිළිසඳර

එදා ‘ගම්උදා’ ප‍්‍රදර්ශනවලදී මූර්ති නිර්මාණ ලංකාවේ ප‍්‍රසිද්ධ චිත‍්‍ර හා මූර්ති ශිල්පියකුව සිටි දිවංගත ආරියවංශ වීරක්කොඩි සිදු කරද්දී ජයසිරි සේමගේ සිත්තරා එහි තොරණ හා දැවැන්ත චිත‍්‍ර සිත්තම් කරන්නට දායක වූ අන්දමද අපට මතකය.

ඔහුගේ සිතුවමින් නිර්මිත විහාර බිතුසිතුවම් ලූම්බිණියේ ශ‍්‍රී ලංකා විහාරය, සිංගප්පූරුවේ මංගල විහාරය, ‘මැන් ෆැට් ලාම්’ නමැති චීන විහාරය, ඇතුළු තවත් බොහෝ රටවල විහාරස්ථානවලද දක්නට තිබේ. එමෙන්ම ලොව රටවල් ගණනාවක ඔහු චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්විය. ඕනෑම තැනකදී ප‍්‍රදර්ශනය වන සිය ගණන් වූ සිතුවම් අතර සේමගේ සිත්තම් පැහැදිලිව අපට දැන හඳුනා ගත හැකි විය. ‘සේමගේ ලකුණ’ ඒ චිත‍්‍රවල දක්නට වූයේ ශී‍්‍ර ලාංකීය චිත‍්‍ර කලාවේ ඔහුගේ අනන්‍යතාවද පිළිඹිබු කරමිනි.

සීගිරි, අජන්තා, ඉසුරුමුණි චිත‍්‍රවල හා මූර්තීන්හි මෙන්ම සිංහල චිත‍්‍ර කලාවේ ලියැවැල්, මල්, ජන සංස්කෘතියේද මූලාරම්භයන් හා තම මනසේ ඇඳි රූපකායන් තමන්ට ආවේණික වර්ණ, ස්වකීය ශෛලිය තුළින් පිළිබිඹු කරනුයේ ඉන් කාලයට ගැළපෙන නවීනත්වයද ගොඩනගමිනි.

මුදල් නැති කෙනෙකුට චිත‍්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ... ශ‍්‍රී ලාංකීය චිත‍්‍ර කලාවේ සේමගේ ලකුණ මැකී යයි... එදා ජයසිරි සේමගේ දිවයින සමඟ කළ පිළිසඳර

සේමගේ කලාකරුවා 2010 වසරේ අප ‘දිවයින’ කාර්යාලයට පැමිණියේ ඔහු පැවැත්වීමට සූදානම් කර තිබූ ‘ආදරය හා සාමය’ චිත‍්‍ර ප‍්‍රදර්ශනය ගැන අප පත‍්‍රයෙන් මාධ්‍ය ආවරණයක් අපේක්ෂාවෙනි. එවක ජනපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා විවෘත කළ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේ පැවැත්වූ එම ප‍්‍රදර්ශනය ගැන ඔහු අපට පැවසූ පූර්විකාව මට අද මෙන් මතකය.

‘රටක යුද්ධයක් පවතිනවා නම් බෝම්බ බිය, වෙඩි හඬ මුළු රටම වසා ගෙන ඇත්නම් එම ජනතාවට නිදහසේ හුස්මක් ගන්න පුළුවන්ද? අපි කවුරුත් සිටින්නේ මහා කම්පනයකින්. මානසික පීඩනයකින් පෙළෙන අපට එකිනෙකා අතර ආදරය හා සාමය අත්‍යවශ්‍යයයි. එදා තිබුණු ඒ අතීතය අද වෙනස් වෙලා. තිස් වසරකින් පසු අප රට නිදහසක් ලබලා. දැන්වත් අපි මේ සාමය කරුණාව ආදරය වෙනුවෙන් සමාජ මෙහෙවරක් කළ යුතුයි. මම ආදරය හා සාමය එදා දැක්ම තේමාව කරගන්නේ එම පණිවිඩයයි. එදා ඔහු ‘දිවයින’ සමඟ කළ අදහස් දැක්වීම අප පත‍්‍රයේ එදා සිටි මාධ්‍යවේදී අජිත් අලහකෝන් විසින් මා සංස්කරණය කළ ‘දිවයින සිනමා කලා සංග‍්‍රය’ට ලියුවේය. එම සංවාදයෙන් කොටස් කිහිපයක්ද මෙහි පළකරමු. (මෙරට එදා කලාව පත්ව ඇති ඛේදනීය තත්ත්යත්, අද පරපුරට චිත‍්‍ර කලාව තුළ ඉදිරියට යාමට ඇති දුෂ්කරතා ගැනත් එහිදී ඔහු සංවේදීව අප හමුවේ අදහස් දැක්විය.)

මුදල් නැති කෙනෙකුට චිත‍්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ... ශ‍්‍රී ලාංකීය චිත‍්‍ර කලාවේ සේමගේ ලකුණ මැකී යයි... එදා ජයසිරි සේමගේ දිවයින සමඟ කළ පිළිසඳර

ඇයි…ඔබ වෙනස්ම ආකාරයක තේමාවක් මෙවර චිත‍්‍ර දැක්මට තෝරා ගත්තේ.

‘අද අපි කාලයකට පස්සේ සාමය භුක්ති විඳිනවා. බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියා හැමදාම ස්ත‍්‍රී රූපම අඳින්නේ නැතිව අලූත් තේමාවකට යන්න කියලා මමත් මේ ගැන බොහෝ දුරට කල්පනා කළා. මගේ චිත‍්‍රවලට කිසිම දවසක කෝලාහල, අඬ දබර, වෛරය වැනි දේවල් ආවේ නැහැ. මගේ චිත‍්‍රවලට මාතෘකා වූයේ අහිංසකත්වය, පේ‍්‍රමය, සෙනෙහස කරුණාව.

ඔබ…. පසුගිය කාලයේ පිකාසෝගේ නග්න චිත‍්‍රවලට සළුපිළි ඇන්¥ බවක් කියා තිබුණා ඒ ඇයි….?

ඔව් මම ඒ කියූ දෙය ආන්දෝලනයකට තුඩු දුන්නා. සාමාන්‍යයෙන් පිකාසෝ කියන්නේ කිසිදු අභාසයකට නැති ඔහු හැදුණු වැඩුණු සමාජය අනුව දුටු දේ ඇන්ඳ චිත‍්‍ර ශිල්පියෙක්. අග‍්‍රගන්‍ය චිත‍්‍ර ශිල්පියකු ලෙස ඔහු එදා ඇන්දේ තමන්ගේ සංස්කෘතියට අනුවයි. තැබෑරුම්, ගණිකා නිවාස,

ලිංගිකත්වයට නැඹුරු දසුන්, කාන්තා හා පිරිමි නග්න රූපත් එම චිත‍්‍රවල දක්නට තිබුණා. ඒත් මගේ ශෛලිය එය වුණේ නැහැ. මම අඳින සමහර චිත‍්‍රවල‍්‍ර ශෘංගාරය තිබෙනවා. මම කළේ පිකාසෝගේ චිත‍්‍රවලට සළුපිළි ඇන්දවීමයි.

අප රටේ චිත‍්‍ර කලාව අද පත්ව ඇති තත්ත්වය ගැනද එහිදී සේමගේ මෙවැනි අදහස් දැක්වීමක්ද කළේය.

අද තියෙන්නෙ නත්නත්තාරවූ චිත‍්‍ර කලාවක්. තරුණ පරපුර චිත‍්‍ර ශිල්පය හදාරන්නේ නවීනත්වයම වැළඳගනිමින්. එවිට අනාගතයක් නැහැ. එකවර ශෛලියකට නොයා චිත‍්‍ර කලාවේ මූලාරම්භය ගැනත් අප යම් හැදෑරීමකට වෙහෙසිය යුතුයි. චිත‍්‍ර ඇඳලා යම් පන්නරයක් අප ලද පසු තමන්ටම ආවේණික ශෛලියක් තෝරාගත හැකියි. අපි නවීනත්වය වැළඳ ගත යුත්තේ කාලය අනුව හානියක් නොවන ආකාරයටයි.

චිත‍්‍ර ශිල්පය හදාරන්න වයස අවුරුදු පහේ හයේ දරුවොත් අද උනන්දුවක් දක්වනවා. එදා වගේ නොවේ දෙමාපියන් පවා ළමා වයසේදීම දරුවන් සැබෑ ගුරු දෙවිවරු වෙත එවීම වැදගත්. ළමා මනසට සංගීතය, චිත‍්‍ර, නැටුම් වැනි සෞදර්යාත්මක කලාවන් ලබාදීම යහපත් රටක් නිර්මාණයට මූලිකම අඩිතාලමක් දැමෙනවා. වෛරය, නොමඟයෑම, ගැටුම් ඉන් නිවෙනවා. ඉවසීම ඇති වෙනවා. ඒත් අද කුඩා දරුවන්ට චිත‍්‍ර කලාව හදාරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය තිබෙනවා. ඒත් සමහර පළාත්වල ඒවා ලබා ගන්නට ඉඩකඩ නැහැ. මිල ගණන් අධිකයි. අමුද්‍රව්‍ය සොයා ගැනීමත් අමාරුයි. සුදුසු පින්සල්, වර්ණ කඩදාසි, රෙදි ප‍්‍රමිතියෙන් තොරයි. සමහර ඒවා මාස ගණන් පරණයි. මුදල් නැති තරුණයෙකුට මුදල් නැති අයකුට චිත‍්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මේ ගැන රාජ්‍ය අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඔහු කීවේය.

අභාවප‍්‍රාප්ත සේමගේ කලාකරුවාණන්ගේ දේහය ඊයේ (26 දා) පෙරවරුවේ බොරැල්ල ජයරත්න රෙක්ස්පෙක්ට්හි තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු සවස බොරැල්ල කනත්තේදී සිදුවිය. එතුමන්ට නිවන් සුව අත්වේවායි ප‍්‍රාර්ථනා කරමි.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment