මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී මෙටි්රක් ටොන් ලක්ෂයක් වැනි සුළු ප්‍රමාණයක් බව, මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
මේ නිසා පෞද්ගලික අංශයේ ගොවීන්ගෙන් වී කිලෝවක් ගන්නා මිලටම මණ්ඩලයත් වී ගැනීමට තීරණය කර ඇත.
එම තීරණයත් සමග රු. 105-110 අතර මිලක තිබූ කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රු. 130 දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රු. මිලියන 6000ක් වෙන්කර ඇති අතර එහි පළමු අදියර ලෙස රු. මිලියන 500ක් වී අලෙවි මණ්ඩලය ලබාදී තිබේ. වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 36ක් මගින් වී මිලදී ගැනීම සිදුකෙරේ.
අරුණ බෝගහවත්ත