ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි නගරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ (19දා) වන විට පුද්ගලයන් 30 දෙනකු පමණ මිය ගොස් තිබිණි. මෙම පිරිස වර්ෂාවත් සමගම හටගත් නායයෑම්, ගොඩනැගිලි කඩා වැටීම් හා විදුලි සර වැදීම් හේතුවෙන් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
අධික වැසි හේතුවෙන් මුම්බායි නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යට වී තිබෙන අතර ප‍්‍රවාහන කටයුතු අඩාල වී පවතින බව වාර්තා වී තිබේ. ඊයේ දිනයේ ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24ක කාලය තුළ තවත් දරුණු වැසි හා ඒ ආශ‍්‍රිත අනතුරු සිදු වනු ඇති බවට අනතුරු අඟවා තිබිණි.
|