මුම්බායි පිල 8 වැනි පරාජයත් ලබයි

204

 මෙවර අයි.පී.එල්. තරගාවලියේ එක දිගටම ලද 8 වැනි පරාජයට හිමිකම් කීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පෙරේදා (24 වැනිදා) සිදුවිය. ඒ තරගාවලියේ 37 වැනි තරගය ලෙසින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමගින් පැවැති තරගය ලකුණු 36කින් පරාජයට පත්වීමත් සමගිනි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත්විය. කේ. එල්. රාහුල් පන්දු 62කදී නොදැවී ලකුණු 103ක් ලක්නව් ඉනිමට එක් කිරීමට සමත්විය.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 132කට සීමා කිරීමට ලක්නව් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ දුෂ්මන්ත චමීර සිය පන්දුවාර හතර ලකුණු 14කට සීමා කිරීමට සමත්වීම කැපී පෙණුනි.

advertistmentadvertistment
advertistmentadvertistment