මුර්ඔය තේ වත්තේ කොටියා ඝාතනය කර මස් කළ සැකකරුවන් තිදෙනාට ලක්‍ෂය බැගින් ඇප

281

මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් 27 දින සැකපිට අත්අඩංගුවට ගෙන 28 දින නුවරඑලිය වලපනේ මහෙස්ත‍්‍රාත් ඊ.ආර්.එස්. ජිනදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදා හැර යළි නඩුව සැප්තැම්බර් 07 දින කැඳවීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතු යායේ පදිංචිකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් තිදෙනා 23 දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා තේ වත්තේ සැරිසරන අවු 04 පමණ වයසැති හොඳින් වැඩුණු පිරිමි කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර ඝාතනය කරන ලද කොටියාගේ ඡුායාරූපයක් එක් සැකකරුවෙකු විසින් එම වතු යායේ ඔහුගේ මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමු කර තිබියදී එම ඡුායාරූපයක් තමන් වෙත ලැබුණු බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක


advertistmentadvertistment