මුලතිව් වලින් යුද උපකරණ මතුවේ

180

මුලතිව් පුදුකුඩීඉරිප්පු ඉරණපාලෙයි ප්‍රදේශයේ නිවසක පුපුරණ ද්‍රව්‍ය හා යුද උපකරණ තොගයක් සගවා තබා ගෙන සිටි යුවලක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලැබුණු ඔත්තුවකට අනුව අදාල නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හා යුද උපකරණ තොගය හමු වී ඇත.
පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකටයුතු යුවල මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී කාන්තාව ලබන 15 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමටත් පුරුෂයාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා ඔහුව පොලීසිය බාරයේ රදවා තැබීමටත් නියෝග කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment