මුල්ම චිත්‍රපට ප්‍රදර්ශනය කඩවුණු පොරොන්දුව නොවේ…

90

සිංහල සිනමාවට වසර 75යි…

ගාමිණී ෆොන්සේකා ලංකා චිත‍්‍රාගාරයේ පාලක අධ්‍යක්‍ෂක ලෙසින් පත්වූයේත්, තිස්ස අබේසේකර රජයේ චිත‍්‍රපට අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වූයේත් 1972 වසරේදීය. සිරිසේන විමලවීර සතුව තිබූ කිරිබත්ගොඩ ‘නවජීවන චිත‍්‍රාගාරය’ ‘පිටිසර කෙල්ල’, ‘අම්මා’, ‘සීදේවි’, ‘සිරකරුවා’, ‘සරදියෙල්’, ‘පොඩිපුතා’, ‘එකමත්එක රටක ’ චිත‍්‍රපටත් සමඟ සිනමා සමාගමට රුපියල් අනූදහසකට වෙන්දේසි වූයේය. මෙම චිත‍්‍රාගාරය ‘රුපියල් 76125කට සිනමාස් සමාගමට උකස්කර තිබිණි.

ජේ. එම්. වින්සන්ට් ‘‘තෙවන’’ චිත‍්‍රපටයට නිර්මාණය කළ පෝස්ටරය කැනඩාවේ පැවැති ජාත්‍යන්තර චිත‍්‍රපට දැන්වීම් තරගයකදී ගෞරව තිළිණ සම්මානයක් ලබාගත්තේය.

චිත‍්‍රපට කර්මාන්තය බිඳ වැටුනා යැයි මොරදෙන ඇතැම් සිනමා ශිල්පීහු මධුවිත තොල ගාමින්, දුම්වැටිය දෑඟිලිවල පටලවා ගෙන අද රූපවාහිනියේ ප‍්‍රදර්ශනය කරන චිත‍්‍රපට නරඹති. 1979 දී ශ‍්‍රී ලංකාවට රූපවාහිනි මාධ්‍ය පිවිසියේය.

‘‘ස්වාධීන රූපවාහිනිය’’ ඔස්සේ විකාශනය කෙරුණු ප‍්‍රථම චිත‍්‍රපටය ‘‘මඩොල්දූව’’ චිත‍්‍රපටයයි. ඉන්පසු ඉවත් බවක් නොමැතිව සිංහල පමණක් නොව හින්දි, දෙමළ, ඉංග‍්‍රීසි යන චිත‍්‍රපටද විකාශනය කරන්නට පටන් ගැනිණ. තමන්ගේ මුදල, කාලය, මග රස්තියාදුව, සහ පවුලේ සැමට නිවස තුළදීම චිත‍්‍රපට නැරඹීමේ පහසුව ලැබීම නිසා චිත‍්‍රපට කර්මාන්තය සුනුවිසුනු විය. එයට වගකිව යුත්තේ අපේ කලාකරුවන්මය. ඊට විරෝධය පාමින් රජයට කාරණා කීමට හෝ විරෝධතා රැල්ලක් ඇති කරන්නට කලාකරුවන් උනන්දු නොවීම නිසා චිත‍්‍රපට කර්මාන්තය අගාධය කරා ගියේය. දිවයින පුරා වීඩියෝ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම නිසා සිනමා ශාලා වසා දැමීමට සිදුවිය. 1947 ජන. 21 සිංහල චිත‍්‍රපට කර්මාන්තයේ ප‍්‍රථම සිනමාහල වූ කොටහේන ‘‘කිංග්ස්ලි’’ සිනමා හලද වසා දැමුවේය. මෙතරම් කලාකාරයන් සිටින රටක මෙයට විරෝධය පාමින් නැගී සිටියේ මොන කලාකරුවාද? මේ ලියන අවස්ථාව වන විට රත්මලානේ ‘‘විජිත’’ සිනමා ශාලව පාවහන් වෙළෙද සැලකි.

ප‍්‍රථමයෙන්ම ‘‘වැඩිහිටියන්ට පමණයි’’ යන ලේබලය යටතේ ප‍්‍රදර්ශනය වූ චිත‍්‍රපටය වූයේ ‘‘සුභ සරණ සැප සිතේ’’ චිත‍්‍රපටයයි. එවකට ප‍්‍රසිද්ධ රැ`ගුම් පාලක මණ්ඩලය පස්වතාවක් චිත‍්‍රපටය නැරඹුවේය. සංස්කෘතික අමාත්‍ය ඞී. එස්. ගුණසේකර මහතා ප‍්‍රදර්ශනයට අවසර ලබාදුන්නේ එවකට මුදල් අමාත්‍යවරයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

1965 තුන්වැනි නවදිල්ලි අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේදී ස්වර්ණ මයුර සම්මානය ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයට ලැබුණි. සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් ලද ප‍්‍රථම ජයග‍්‍රහණය ලෙස ඉතිහාසගත වන්නේය.

  • සරසවි චිත‍්‍රාගාරයට අලූත් ලොක්කෙක්
මුල්ම චිත්‍රපට ප්‍රදර්ශනය කඩවුණු පොරොන්දුව නොවේ…

1965 ජනවාරි 7 වනදා එවකට රාජ්‍ය ඇමැතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ‘‘දේශීය චිත‍්‍රපට කර්මාන්තයට ආධාර කිරීමට ඉදිරිපත් වීම සඳහා ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේදී සිනමා ශිල්පීන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. චිත‍්‍රපට සංස්ථාවේ උපදේශක තනතුරට පත්කර සිටි ඞී. බී. නිහාල්සිංහ මහතා දළුගම ‘‘සරසවි’’ චිත‍්‍රාගාරයේ ප‍්‍රධාන විධායක නිලධාරි වශයෙන් පත්කළේය. ඒ මාස 8ක් ඇතුළත අංග සම්පූර්ණ චිත‍්‍රාගාරයක් ලෙස ප‍්‍රතිසංවර්ධනය කිරීමටය. ඒ සඳහා ලක්‍ෂ විස්සක මුදලක්ද ලබාදී ඇත.

වර්ණ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා වැඩියෙන් අනුබලදීමේ හේතුවෙන් 1980 දී කළු සුදු සහ වර්ණ චිත‍්‍රපට අර්බුදයක් හට ගැනිණ. වර්ණ රසායනාගාරය නවීකරණය කළ නමුත් එහි පිටපත් මුද්‍රණය ආරම්භ කරන ලද්දේ 1983 දීය. මෙහි ප‍්‍රථමයෙන්ම පිටපත් මුද්‍රණය කළ වර්ණ චිත‍්‍රපටය වූයේ ‘‘මුහුදු ලිහිණි’’ ය. වර්ණ චිත‍්‍රපට රැල්ලේ පළමු චිත‍්‍රපටය ලෙස ‘‘පරිත්‍යාගය’’ චිත‍්‍රපටය 1980 ජුනි 17 ප‍්‍රදර්ශනය කෙරිණි.

1980 අංක 45 දරණ ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා (සංශෝධන) පනතට අනුව චිත‍්‍රපට සංස්ථාවේ වෙනස් කිහිපයක් සිදුවූයේය. මුලින්ම සංස්ථාවේ නම වෙනස්විණි. එතෙක් චිත‍්‍රපට සංස්ථාව හඳුන්වන ලද්දේ රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාව යනුවෙනි. මේ පනතින් එය ‘‘ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාව’ ලෙස සංශෝධනය කෙරිණි.

සිරිසේන විමලවීරයන්ගේ ‘‘එකමත් එක රටක’’ චිත‍්‍රපටයට දයා කරුණාරත්න විසින් සකස් කරන ලද ‘‘අලියෙක් ’’ චිත‍්‍රපටයක් බලන්න සිනමා ශාලාවකට යන අයුරු’’ කාටුන් මගින් ප‍්‍රදර්ශනය කරන ලදී. ඉන්පසු සම්පූර්ණයෙන්ම කාටුන් චිත‍්‍රපටයක් ලෙසින් නිෂ්පාදනය වූයේ ශිවන්ත අර්ථසාද් විසින් නිර්මාණය කරන ලද ‘‘දුටුගැමුණු’‘ චිත‍්‍රපටයයි. ළමා වර්ෂය වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු ‘‘දුටුගැමුණු’’ තහනමට ලක්විය.

1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී එහි සභාපතිව සිටි ඇන්ටන් වික‍්‍රසිංහ මහතා විසින් ඊළඟ වසරේ ජනාධිපති සම්මාන උළෙලට ප‍්‍රථමයෙන් ‘‘ති‍්‍රමාන සිනමාහලක් ඉදිකරන බවට පොරොන්දුවක් දුන්නද එය පොරොන්දුවක් පමණක් විය. චිත‍්‍රපට නිෂ්පාදනයේදී ද්‍රවිඩ අයෙකු වූ එස්. එම්. නායගම් ඉදිරිපත් නොවන්නට ‘‘කඩවුන පොරොන්දුව’’ නිෂ්පාදනය නොවන්නට ඉඩ තිබිණි. ඔහුට ගෞරව දැක්වීම උදෙසා 1980 පැවැති දෙවන ජනාධිපති සම්මාන උළෙලේදී එස්. එම්. නායගම්ට අනුස්මරණ උපහාර තිළිණයක් පිරිනැමූ අතර නායගම්ගේ පුතා එය භාර ගන්නා ලදී.

ටයිටස් තොටවත්තගේ ‘‘හඳයා’’ චිත‍්‍රපටය ඉතාලියේ පැවැති ‘සෙලානෝ’ අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේදී ඉහළම සම්මානය දිනාගනු ලැබිණි.

වර්ණ චිත‍්‍රපට නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නට චිත‍්‍රපට සංස්ථාව කටයුතු කළ බව අප අමතක නොකළ යුතුය. ළමා චිත‍්‍රපට නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා උපදේශක මණ්ඩලයක් පිහිටුවූ අතර ‘පිංහාමි’ කථාව තෝරා ගත්තේ රචනා තරගයකිනි.

රුක්මණිදේවි අභාවප‍්‍රාප්ත වීමෙන් පසුව සංස්ථාව මගින් අනුස්මරණ අරමුදලක් විසින් ් පිහිටවනු ලැබූ අතර ඒ ගැන කිසිවක් ජනතාවට දැන ගන්නට නොලැබුණි. එවකට අමාත්‍යවරයෙක් ව සිටි ටිරොන් ප‍්‍රනාන්දු මහතා නිෂ්පාදනය කළ ‘‘පුරං අප්පු’’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය සඳහාම චිත‍්‍රපට සංස්ථාව පස්වන මණ්ඩලයක් පිහිටුවීමද පේ‍්‍රක්‍ෂක ජනතාවට අමතක නොවන්නකි.

  • ලෙස්ටර්ගේ අහසින් පොළොවට

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘‘අහසින් පොළොවට’’ චිත‍්‍රපටය සඳහා ඊජිප්තුවේ චිත‍්‍රපට, නාට්‍ය හා සංගීතය පිළිබඳ සංවිධානය විසින් පිරිනමනු ලැබූ අක්නේටන් තිළිණය හිමිවූයේය. චිත‍්‍රපට නිෂ්පාදක රොබින් තම්පෝ විසින් තම චිත‍්‍රපට යාපනයේ ප‍්‍රදර්ශනය කිරීමෙන් පසුව යාපනයේ දිසාපති වූ ලයනල් ප‍්‍රනාන්දු මහතා ‘‘යාපා පටුනේ චිත‍්‍රපට උළෙල’’ නමින් චිත‍්‍රපට උළෙලක් පවත්වන ලදී. ‘‘තුංමංහංදිය’’, ‘මඩොල්දූව’’, ‘‘දහකින් එකෙක්,’ ‘පොන්මනි’, ‘වාඩෙයි කාවාරු,’ ‘රොමියෝ ජුලියට්’‘ ඇන්ඞ් ද ඩාක්නස් ගේ‍්‍ර බැරියර් රිජ්, චිත‍්‍රපට ඇතුළත් විය. මෙයට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි යන අංශ තුනම ඇතුළත් වූ අතර ද්‍රවිඩ ජනතාව ඉතා උනන්දුවෙන් සිංහල චිත‍්‍රපට නරඹා ඇත.

සමගි පෙරමුණ රජය තුළ චිත‍්‍රපට ආනයනය පූර්ණ ඒකාධිකාරය සංස්ථාව සතුවූ බැවින් ඇමෙරිකාවේ ‘‘මෝෂන් පික්චර් එක්ස්පෝට් ඇසෝසියේට්ස්’’ සමාගම චිත‍්‍රපට සංස්ථාවට චිත‍්‍රපට ලබා නොදුන්නේය.

අසූතුනේ ඇතිවූ ජාතිවාදී ගැටුම් චිත‍්‍රපට කර්මාන්තයට තදින් බලපෑවේය. මගේ මතකයේ හැටියට සිනමාශාලා 12ක් ගිනිබත් කෙරිණි. ජාත්‍යාලය ඇත්තෝ යැයි කියමින් මංකොල්ල කාරයෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්හ. මරදාන ‘‘ගාමිණී’’, වැල්ලවත්තේ ‘සෆයර්’ කොම්පඤ්ඤවීදියේ ‘රියෝ’, කිරුලපන ‘කල්පනා’ දෙහිවල ටි‍්‍රයෝ, මීගමුවේ රාජ්, මාතලේ ‘කැසිනෝ’ කඳපොල ‘‘රාධා’’ ති‍්‍රකුණාමලයේ ‘නිර්මල කාන්ති’’ බදුල්ලේ ‘ලිබර්ටි’, බණ්ඩාරවෙල ‘මොඩර්න්’’ සිනමාශාලාය.

ශ‍්‍රී ලංකා දෙමළ චිත‍්‍රපට නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම ඇද වැටින. කේ. වෙන්කට් නැමැති දෙමළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා සමග හිතවත්ව ඔහුගෙන් ආධාර ලබාගත්, සිංහල ජාතියටම කැත නාමයක් අරන්දෙමින් ඔහු පසුපස හඹාගොස් ඔහුට ගිනි තබා මරාදැමුුවේද 1983 දීය.

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ ‘‘ක‍්‍රිස්තු චරිතය’’ චිත‍්‍රපටය කැබිනට් මණ්ඩලය මගින් තහනම් කරන ලද්දේ 1983 දීය. අර්නස්ට් පෝරුතොට පියතුමා සහ තවත් පියතුමන්ලා කරුණු දැක්වීමෙන් පසු වාරණ නියෝග අත්හරින ලදී.

හැඳල ඉදිකර තිබූ ‘විජය’ චිත‍්‍රාගාරය ගිනි තබා විනාශ කළ අය අතර එයින් ජීවත්වූ ඇතැමුන්ද ඒ අපරාධකරුවන් අතර සිටි බව පසුව හෙළිදරව් විය. එය ගිනිතබා ඇති බව දැනගත් බැප්ටිස් ප‍්‍රනාන්දු, නීල් රූපසිංහ, සරත් රූපසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, රොබින් ප‍්‍රනාන්දු පැමිණ චිත‍්‍රපට කිහිපයක් බේරාගැනීමට කටයුතු කළ අතර බැප්ටිස් ප‍්‍රනාන්දු

ගින්න මැදින් ඇතුළට රිංගා චිත‍්‍රපට කෑන් කිහිපයක් එළියට විසිකරද්දී ඔහුගේ බිරිඳ සිතාරා ඒවා අහුලමින් රථය ඇතුළට විසි කරදමමින් කළ වීර කි‍්‍රයාවන්ද අප අමතක නොකළ යුතුය. යසපාලිත නානායක්කාර ද්‍රවිඩ සිනමා ශිල්පීන් කිහිපදෙනකු ආරක්‍ෂා කළාක් මෙන් ‘විජය’ චිත‍්‍රාගාරය තුළදී බැප්ටිස්ගේ රියට රිංගා සිටි ද්‍රවිඩ ශිල්පීන් තිදෙනකු බේරාගෙන පසු දිනෙක ඉන්දියාවට යැවූ අයුරුද සිද්ධිය ඇසින් දුටු මගේ මතකයෙන් ඈත් නොවේ.

හයිද්‍රාබාද් සිනමා උළෙල නියෝජනය කළ ප‍්‍රසන්න විතානගේ ‘පුරසඳ කළුවර’ චිත‍්‍රපටය ජාත්‍යන්තර සිනමාවට එටක්වූ විශිෂ්ට සිංහල චිත‍්‍රපටයක් ලෙසින් ලෝකයම පිළිගැනීමත් 75 වසරක් පිරෙන සිනමාවට ඇතුළත් වේ. සිනමා කර්මාන්තයේ බිඳ වැටීම වළක්වනු වස් විවිධ රජයන් යටතේ විවිධ සංගම් ඇති කෙරිණි. සිනමාකරුවන් පවතින රජයන් අනුව විවිධ යෝජනා ඉදිරිපත් කරත් එන්න එන්නම සිනමාව පිරිහුනා මිස ගොඩනැගීමක් අපට දක්නට නොලැබිණි.

වැටී තිබෙන සිනමාව නගා සිටුවීම උදෙසා කාමරැල්ලේ සහ හාස්‍යරැල්ලේ චිත‍්‍රපටද බිහිවුන අතර කාමරැල්ලේ චිත‍්‍රපට වලින් නම් සිනමාවට ආයෝජනය කළ නිෂ්පාදකයන් මුදල් ඉපැයූ බව නම් රහසක් නොවේ.

සිනමාව බිඳවැටීම ගැන මෙනෙහි කරද්දී සුනාමි ව්‍යසනය නිසා නොයෙක් ප‍්‍රදේශවල චිත‍්‍රපට සංස්ථාවට අයත් සිනමාශාලා කිහිපයක්ද විනාශ විය. පෞද්ගලික ව්‍යාපාරිකයන් කෙසේ වෙතත් සංස්ථාව සතු ශාලා පවා ප‍්‍රතිසංස්කරණය නොකිරීමත්, සිනමා ශාලාවල සැප පහසුකම් අඩුවීමත්, ප්‍රොජෙක්ටර් නිසි පරිදි කි‍්‍රයා නොකිරීමත්, ප‍්‍රවේශපත‍්‍ර මිල අධික වීමත් සිනමාව පිහිරීමට ලක්වීමට හේතුවූ බව කර්මාන්තයට 75 ලබන අවස්ථාවේ පෙන්වාදීමට කැමැත්තෙමි.

‘‘ලංකා චලන චිත‍්‍ර’’ සිනමා සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර මහතා සිරිසේන විමලවීර මහතා සමඟ සිංහල සිනමාව සිංහලයන් සතු කරගත යුතුය’ යනුවෙන් හඩ නැගුවද 75 ලබන තුරු එවැන්නක් දකින්නට ලැබුණේ නැත. සෝමපාල රණවීර මහතා විසින් තම සඟරාව හරහා චිත‍්‍රපට සංසරක්‍ෂණාගාරයක් අවශ්‍ය යැයි හඩ නැගූ අතර පසු කලෙක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාද එම අදහස ඉදිරිපත් කළ නමුත් එය පුස්සක් බවට පත්විය.

සිනමාව අගතිය කරා යාමට තවත් හේතුවක් වූයේ නිසි විචාරයන් නොපළකිරීමය. සෝමපාල රණවීර (සෝපාරවි) කරුණාසේන ජයලත්, රෙජී සිරිවර්ධන, සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, පියල් සෝමරත්න, ගාමිණි විජේතුංග ආදින්ගේ අවංක වැඩදායක

විචාරයන්ගෙන් සිනමාව පෝෂණය විය. ජාතික පුවත්පත්වල සිනමාව සඳහා වෙන්වී තිබෙන පිටු දෙකෙන් හෝ පිටුවකින් අඩුම වශයෙන් සතියකට වරක්වත් විචාරයක් පළවිය යුතුය. දැනට චිත‍්‍රපට විචාරයක් පළකෙරෙන්නේ ගාමිණි වේරගම මහතා ‘‘ලංකාදීප’’ යට ලියන විවේචනය පමණි. දැනට ලංකාවේ ජාතික පුවත්පත් විශාල සංඛ්‍යාවක් ඇත. සතිපතා පත‍්‍රවල ‘ටැබ්ලොයිට්’ අතිරේක තිබේ. ප‍්‍රධාන කතුවරුන් සිනමාව නගා සිටුවීමේ කාර්යයට අත දුනහොත් එය අති විශාල කර්තව්‍යයක් වනු ඇත.

හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment