මුෂාරෆ්ට එරෙහිව විනය පරීක්‍ෂණ නීති විරෝධියි

68

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතාට එරෙහිව එම පක්‍ෂයේ විනය කමිටුව විසින් පරීක්‍ෂණ පවත්වා ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29 දා) තීරණය කළේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට හා පාර්ලිමේන්තු අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා තමාට එරෙහිව සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය විනය පරීක්‍ෂණයක් පවත්වා ඇති බවත් එකී පක්‍ෂ විනය කමිටුවේ තීරණය අනුව සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙසත් ඉල්ලා මුෂාරෆ් මහතා ගොනුකර තිබූ පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම වැළැක්විණි. පෙත්සම්කාර මන්ත්‍රීවරයාට එරෙහිව එම විනය පරීක්‍ෂණය පවත්වා ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බවත් එමගින් පෙත්සම්කරුට අසාධාරණයක් සිදුවී ඇති බවටත් ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල තීරණය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment