මුහුණු පොතේ සාදයේ 12 ක් පොලිසියට කොටු

337

අයිස්, මැන්ඩි, ගංජා, හෑෂ් තිබිලා

මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍යය සාදයකදී අයිස්, මැන්ඩි, ගංජා හෑෂ් සමඟ පුද්ගලයන් 12 දෙනකු පන්විල,වත්තේගම හා රංගල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ හෝටලයක මෙම සාදය පවත්වන බවට ලද තොරතුරකට අනුව ගම්පොළ, මාතර, මුරුතලාව, උකුවෙල, පේරාදෙණිය, නුවරඑළිය, නාරම්මල ආදි ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී හෑෂ් මිලි ග්‍රෑම් 750 ක් මැන්ඩි මිලි ග්‍රෑම් 2700 ක්, ගංජා මිලි ග්‍රෑම් 430 ක් හා අයිස් මිලි ග්‍රෑම් 110 ක් පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

පොලිසිය ඊයේ (09දා) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී පන්විල, වත්තේගම හා රංගල යන පොලිස් ස්ථානවල නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ තරුණයන් 98 දෙනකු සහ තරුණියන් 13 දෙනකු මෙම සාදයට එක්ව සිටි බව පොලිසිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරමින් මෙම සාදය සංවිධානය කරනු ලැබ තිබෙන අතර ඊට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ තරුණ තරුණියන් පැමිණ සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment