මුහුදට එරෙහිව ප්ලාස්ටික්

92

අපේ මුහුදු ජලයේ මතුපිට සිට පතුලට ඇති උපරිම දුර ප‍්‍රමාණය කිලෝ මීටර් එකොළහකි. මේ මුහුදු පතුලේ බොහෝ ස්ථාන කසළ වලින් පිරී තිබෙන බව සොයා ගෙන තිබේ. එසේම නොගිලී විසිරී පවතින අපද්‍රව්‍යය බොහෝ මුහුදු වෙරළවල විශාල වශයෙන් එකතු වී තිබේ. මේ අතර අප ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් එකතු වී තිබෙන මුහුදු කලාප පවතී. මහා පැසිපික් අප ද්‍රව්‍ය වෙරළ කලාපය නමින් විiාඥයන් හඳුන්වන මෙවැනි එක් කලාපයක් ප‍්‍රංශය මෙන් පස්ගුණයක් තරම් විශාලය. මෙම මහා පැසිපික් වෙරළ කලාපයේ (ලෝකයේ සෑම මිනිසකුම ප්ලාස්ටික් කැබලි 250 ක ප‍්‍රමාණයට වගකිවයුත*ු මුළු ප්ලාස්ටික් ටි‍්‍රලියන එකයි දශම අටක ප‍්‍රමාණයක් පාවෙන බවට ගණන් බලා තිබේ. මෙසේ ගණන් බලා ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය බර්න් ටොන් මිලියන සියයක් පමණ ඇතැයි ද විiාඥයෝ කියති. එම බර සාගරයේ නිල් තල්මසුන් අටලක්‍ෂ අසූදහසකගේ බරට සමානය.

මුහුදට එරෙහිව ප්ලාස්ටික්


මේ විනාශය මගහරවා ගැනීමට පියවර නොගතහොත් වර්ෂ 2050 වනවිට මුහුදේ සිටින මුළු මත්ස්‍ය සංඛ්‍යාවට වඩා බරකින් ප්ලාස්ටික් ද්‍රව්‍ය තැන්පත් බව විiාඥයන් පුරෝකථනය කර තිබේ. වර්ෂ 2013 දී ආරම්භ කරනු ලැබූ ‘ප්ලාස්ටික් වලින් තොර මුහුදක් සඳහා වූ ලෝක සංවිධානයක ඉංජිනේරුවන් පර්යේෂකයන් හා විiාඥයන් සම්බන්ධ වී ප්ලාස්ටික් බහුල මුහුදු වෙරළ කලාපයන් පිරිසිදු කිරීමේ වැඩකටයුතු අරඹා ඇති නමුත් වැදගත් වන්නේ ලෝවැසියන් විසින් සාගරය ¥ෂණය කිරීමෙන් වැළකී සිටීමය. ඒ සඳහා ගොඩබිම ¥ෂණය කිරීමෙන් පළමුව වැළකී සිටිය යුතුය.

මුහුදට එරෙහිව ප්ලාස්ටික්



 (රීඩර්ස්ඩයිජෙස්ට් ඇසුරෙනි)

 ගණේමුල්ලේ විමලගුණරත්න

advertistmentadvertistment
advertistmentadvertistment