මුහුදු ආදිවාසීන්ගේ අනන්‍යතාවන් සුරැකීමට කැප වෙනවා

52

නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

නැඟෙනහිර පළාතේ මුහුදුබඩ ප්‍රදේශ නිජබිම කරගෙන වාසය කරන මුහුදු ආදිවාසී පිරිසක් ත්‍රිකුණාමලයේ පිහිටි නැඟෙනහිර ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මෙහිදී මුහුදු ආදිවාසීන් පෙන්වා දුන්නේ වර්තමානයේ දී තමන්ට පවතින ගැටලු අතර තම ඉඩම්වල නිරවුල් භාවය, වෘත්තීය කරගෙන යෑමේ ගැටලු සහ මීපැණි කැඩීම සඳහා රක්ෂිතවලට යෑමේදී ඇතිවන ගැටලුවලට තමන් ඍජුවම මුහුණදී ඇති බවයි.

මෙහිදී ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසුවේ නව රජය යටතේ මුහුදු ආදි වාසීන්ගේ අනන්‍යතාවයන් සුරැකීම සඳහා සියලුම කැපකිරීම් කරන බවය. මෙම හමුව සිහිගැන්වීම සඳහා මුහුදු ආදිවාසීන් විසින් මීපැණි නැළියක් ආණ්ඩුකාරවරයා වෙත ප්‍රදානය කිරීම විශේෂත්වයක් විය.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි


advertistmentadvertistment