මුහුදු රළට හසුවූ සාමණේර හිමි බේරගත් හැටි

694


මොරගල්ල මුහුදේ දියනාමින් සිටීයදී රළපහරට හසුව ගසාගෙන යමින් සිටී සාමනේර නමක බේරාගැනීමට කළුවාමෝදර සහ අලු‍ත්ගම ජීවිත ආරක්ෂක තරුණයින් තිදෙනෙක් අද දහවල් සමත් වූහ.
මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක අවුරුදු 12 ක් පමණ වයසැති සාමනේර හිමි නමක් බව සදහන් වේ.
උන් වහන්සේ තවත් සාමනේර කිහිප නමක් සමග මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරලේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
සිද්ධිය අලු‍ත්ගම දියකාවා සහ කළුවාමෝදර අරලිය ජල ක්‍රීඩා සංගමයකට සැලවීමත් සමගින් ජෙට් ස්කි යාත්‍රා දෙකක් උපයෝගී මොරගල්ල මෝය දක්වා ගමන් කර රළ පහරට හසුව සිටී හිමි නම බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment