මූලික රෝහලක් කර වසර 5ක් ගියත් දිස්ත්‍රික් රෝහලක පහසුකම්වත් නැති බේරුවල රෝහල

335

වසර ගණනාවක සිට සංවර්ධනය ඇන හිටීමෙන් ගොඩනැඟිලි කැලෑවෙන් යටවෙලා – ප්‍රදේශවාසීහු

මූලික රෝහලක් බවට පත්කොට වසර පහකට අධික කාලයක් ගත වුවද දිස්ත්‍රික් රෝහලක තරම්වත් පහසුකම් නැති කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල රෝහලේ සියලු සංවර්ධන වැඩ කටයුතු මේ වන විට ඇනහිට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ සංවර්ධන වැඩ කටයුතු ඇනහිටීම නිසා කැලෑවට වැසී යමින් පැවති මෙම රෝහල නව සංවර්ධන සැලැස්මක් යටතේ දියුණු කිරීම සඳහා එහි හිටපු වෛද්‍ය අධිකාරීවරයා වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග එක්ව නව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළ ද මේ වන විට එම නිලධාරීන් දෙදෙනාම මෙරට සෞඛ්‍ය සේවය නොකිරීමත් සමග මෙම අර්බුදය උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහලේ ශල්‍ය රෝග මාතෘ හා ළමා ඒකකය ඇතුළු ප්‍රධාන ඒකක රැසක් දැනට වසර ගණනාවක් මුළුල්ලේ වසා දමා ඇත.

මේ හේතුව නිසා බේරුවල ප්‍රදේශයේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර මූලික රෝහල වෙතම යෑමට සිදුවීමෙන් ප්‍රදේශවාසීහු මහත් අපහසුතාවට පත්ව සිටිති.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාද කළුතර ප්‍රදේශයේ නියෝජනය කරන බැවින් බේරුවල රෝහලේ සංවර්ධන කටයුතු ගැන කඩිනම් අවධානය යොමු කරන ලෙසට රෝහලට සම්බන්ධ සෞඛ්‍ය සේවකයෝ ඉල්ලා සිටිති.

සුජීව තත්සර


advertistmentadvertistment