මෘත ශරීරාගාරවල තදබදයක්: කොවිඞ් දේහ පුච්චන්න කළුතර ආදාහනාගාර පැය 24ම අරියි

227

කළුතර දිස්ත‍්‍රික්කයේ සියලූම ආදාහනාගාර පැය 24 පුරාම ක‍්‍රියාත්මක කර මළසිරුරු ආදාහනය කිරීමට තීරණය කළ බව කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

 කොරෝනා වෛරසයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කළුතර මහ දිසාපති ප‍්‍රසන්න ගිනිගේ මහතා සමග පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අධ්‍යක්ෂවරයා කීවේය.

 එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

කැස්බෑව – ජයසිංහ


advertistmentadvertistment