මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් දකුණුදිග
මෙක්සිකෝවේදී අනතුරට ලක් වීමෙන් රථයේ ගමන්ගත් සංක්‍රමණිකයන් 53 දෙනකු මියගොස්
තවත් 58 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
දකුණු දිග මෙක්සිකෝවේ ‘යපාස්’ ප්‍රාන්තයේදී වේගයෙන් පැමිණි අදාළ ට්‍රක්
රථය මගී පාලමක ගැටීමෙන් පෙරළි යෑම නිසා එහි ගමන්ගත් සංක්‍රමණිකයන් පිරිස
එකිනෙකාට තද වීමෙන් වැඩි දෙනකු මියගොස් ඇත. මගී පාලමේ ගැටුණු ට්‍රක් රථය
චියපාස් ප්‍රාන්තය කරා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ උඩු යටිකුරු අතට හැරී ඇති අතර
මෙම අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වී තිබේ.
අනතුරෙන් මියගිය හා තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනකු හොන්ඩුරාස් හා ග්වාතමාලා යන රටවල වැසියන් බව
අනාවරණය වී ඇති අතර ඔවුන් අතර කාන්තාවන්, පිරිමින් හා ළමුන්ද වේ. මෙම ට්‍රක් රථ අනතුර මෙක්සිකෝ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුතම
වාහන අනතුරක් ලෙස බලධාරීන් විසින් හඳුන්වා දී තිබේ.
සංස්කරණය –
ඒමන්ති මාරඹේ