මෙන්න මිනී මරනවා යැයි මහත්තයා කෑ ගසද්දී.. අඹුසැමි යුවළක් හා කාන්තාව මහ රෑ පැහැරගෙන ගොස් බැකෝ යන්ත‍්‍රයකින් නිවස බිමට සමතලා කරලා

2830

මගේ ඇස් පේන්නේ නෑ… මාව මරන්න එපා යැයි ඔවුන්ට කිව්වා – දෑස් නොපෙනෙන කාන්තාව ‘දිවයින’ට කියයි

ඉමදුව, පැඟිරිහේන ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක් හා කාන්තාවක් වෑන් රථයක දමාගෙන ගොස් එම නිවස ඊයේ (07 දා* රාත‍්‍රි 12.00ට පමණ බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන සම්පුර්ණයෙන් කඩා ඉවත්කොට ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.

ඉඩම් ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දහදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා පැමිණ ඇති බවට පොලිසිය සැකකරයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අඹු සැමි යුවළක් හා නිවෙස් හිමි කාන්තාව පමණි. එක් කාන්තාවගේ දෑස් නොපෙනන අතර මොවුන් තිදෙනා උණවටුණ ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ඔවුහු පවසති.

මෙම සිද්ධිය විස්තර කරමින් නිවසේ සිටි කාන්තාවක් අප සමග මෙසේ කීවාය.

මගේ දෑස් පෙනෙන්නේ නැහැ. රාත‍්‍රි 10.00ය විතර අපි රාත‍්‍රි ආහාරය අරගෙන නින්දට ගියා. මිස් හා මම කාමරයේ ඇඳක නිදාගත්තා. මගේ මහත්තයා මෙට්ටයක් දමාගෙන එළියේ දොරකොඩ නිදාගත්තා. රාත‍්‍රි 12.00ට විතර ඇති. දොරට පයින් පාරක් ගැසුවා මෙන්න බුදු අම්මෝ අපිව මරණවා කියා මගේ මහත්තයා කෑගැසුවා. මගේ ඇස් පෙන්නේ නැහැ මාව මරන්න එපා කියලා මම කිව්වා. පස්සේ අපි තුන්දෙනා වෑන් රථයකට දමාගෙන

ගියා. මහත්තයා නම් කිවේ උණවටුණ පැත්තට රැුගෙන ගියා කියලයි. පස්සේ අපි පිලානට රැුගෙන ආවා. ඒ සමග ජීප් රථයක්ද ආවා. අපි පිලානේ දමලා වෑන් රථය හා ජීප් රථයෙන් ආපු අය යන්න ගියා. බෑනාට කථාකරගෙන ඇවිත් තමයි ඉමදුව පොලිසියට ගිහින් පැමිණිලි කළේ යැයිද ඇය කීවාය. මෙම සිද්ධිය පිළිබඳ ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment