මෙරට ඉතිහාසයේ ප‍්‍රථම වරට පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි පැටවුන් දෙදෙනකුගේ උපතක් ඊයේ (31 දා* අලූයම සිදුවූ බව එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

එහි ‘සුරංගි’ නමැති 24 හැවිරිදි කෙනෙර විසින් මෙම අලි පැටවුන් දෙදෙනා බිහිකර ඇතැයිද ඇය සඳහන් කළාය.
මෙම ‘සුරංගි’ නමැති කෙනෙර විසින් බිහිකර ඇති පැටවුන් දෙදෙනා පිරිමි පැටවුන් බවද ඇය කියා සිටියාය.
මෙම සුරංගි නමැති කෙනෙර මීට පෙර 2009 වසරේදී ද අලි පැටවෙක් බිහිකර ඇති බවත් එම පැවාගේ නම ‘කනක’ බවත් ඇය සඳහන් කළාය.

ඊයේ බිහිවූ නිවුන් අලි පැටවුන්ගේ පියා ‘පණ්ඩු’ නමැති අලියා බවත් ඇය සඳහන් කළාය.
‘සුරංගි’ නමැති කෙනෙර බිහිකළ නිවුන් අලි පැටවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඇය කියා සිටියාය.

මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා සමග පින්නවල අලි අනාථාගාරයේ සිටින මුළු අලින්ගේ සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගිය බවද ඈ වැඩිදුරටත් පැවසුවාය.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න