මෙරට කතුන්ගෙන් 1/5 ක් සමීප හකරුගේ ප‍්‍රචණ්ඩත්වයට ලක් වෙලා

225

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවකු වෙතින් කායික හෝ ලිංගික ප‍්‍රචණ්ඩත්වයට මුහුණදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව සහ ශ‍්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.

එහෙත් සහකරුවකු වෙතින් ලිංගික ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම (49.3%) ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහාය ලබාගෙන නොමැති බවත් එමෙන්ම සමීප සහකරුවකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35.7%) තුළ සියදිවි නසාගැනීමේ සිතිවිලි ඇතිවූ බවත් මෙම සමීක්ෂණය මගින් අනාවරණය වී තිබේ.

මෙම දත්ත, ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ජීවිතවලට ඇතිවන බලපෑම පැහැදිලිව පෙන්වා දෙයි. මෙම තත්ත්වය අවම කිරීමට නම්, ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් ජාතික උපකාරක සේවාවල සහාය ලබාගැනීමට දිරිගැන්වීම සහ, ඔවුන්ට එම උපකාර ලබාදීම සඳහා අවශ්‍ය විධිමත් ක‍්‍රමවේදයන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වන බවත් එම සමීක්‍ෂණය මගින් පෙන්වා දෙයි.

කාන්තා උපකාරක දුරකථන අංකය සහ ‘මිතුරු පියස’ ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳ පණිවිඩ සමගින් කොළඹ මහනගර සභා ගොඩනැ`ගිල්ල පසුගියදා තැඹිලි පැහැ වර්ණයෙන් ආලෝකවත් විය. කාන්තාවන්ට තම සමීප සහකරුවකුගෙන් සිදුවන ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව රටේ අවධානය යොමුකරවීම සහ, එබඳු අවස්ථාවන්වලදී සහය ඉල්ලා සිටීමට කාන්තාවන් දිරිගැන්වීම මෙහි අරමුණ වී තිබිණැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

මීට අමතරව, කාන්තාවන්ට තම සමීප සහකරුවකුගෙන් සිදුවන ප‍්‍රචණ්ඩත්වය ඇතුළුව, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සියලූ ආකාරයේ ප‍්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා දින 16 ක විශේෂ වැඩසටහනක් දියත් කිරීම ද සිදු විය. මෙම වැඩසටහන, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමුන් සම්බන්ධ ප‍්‍රථම ජාතික සමීක්ෂණය වන උදපැබ.ි උැකකඉැසබට ීමරඩැහ :උඋී* ඔස්සේ ලැබුණු දත්ත පදනම් කරගනිමින් භාෂා තුනෙන්ම ක‍්‍රියාවට නංවන ලද ජාතික තලයේ ජනමාධ්‍ය ප‍්‍රචාරණ වැඩසටහනක අවසන් අදියරයි.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment