මෙරට ජනගහනයෙන් මිලියනයකට කොරෝනා මරණ 525 ක් – ‘වර්ල්ඩෝමීටර්’ වෙබ් අඩවිය කියයි

231

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 525 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොරෝනා ආසාදනය පැතිර යන රටවල් පිළිබඳව විස්තර සඳහන් ‘වර්ල්ඩෝමීටර්’ වෙබ් අඩවියෙහි සඳහන් කර තිබේ.

එම වෙබ් අඩවියට අනුව මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,579කි.මෙරට ජනගහනයෙන් මිලියනයකට සිදු කරනු ලබන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහස් විස්සක් (230,020ක් * බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කොරෝනා ආසාදනය පැතිර ගොස් ඇති රටවල් 221 ක් අතුරින් ශ‍්‍රී ලංකාව ඊයේ (13දා) පසු වූයේ 57 වැනි ස්ථානයේය. මෙරට කොරෝනා මරණ අනුපාතිකය මේ වන විට සියයට 1.62ක් වන අතර කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ අනුපාතය සියයට 85.26ක් විය.

මේ අතර පෙරේදා (12දා) මෙරට සිදු කරන ලද මුළු පී. සී. ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 12,285ක් වන අතර රැපිඞ් අන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3218 කි.

ඒමන්ති මාරඹේ
 


advertistmentadvertistment