මෙරට පුස්තකාල සේවයේ පියදාස රණසිංහ මෙහෙවර

339

සම්මානිත මහාචාර්ය පියදාස රණසිංහයන් ශ්‍රී ලංකාවේ පුස්තකාලය සේවාවේ නොමැකෙන අමරණීය නාමයකි. පුස්තකාල හා විඥාපන විද්‍යාවත්, එකී සේවාව හා පුස්තකාල වෘත්තිකයන්ගේ ආචාරධර්මානුකූල සේවාවත් ගැන නිරන්තරයෙන් විවෘත මනසකින් සාකච්ඡුා කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එතුමන් වෘත්තිකයෙක් විය. තම වෘත්තියටත්, උපන් මාතෘ භූමියත් අමිල සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහයන් නිධනප‍්‍රාප්ත වී 2021 අගෝස්තු මස 04 වන දිනට පස්වසරකි. මේ ලිපිය පළවන්නේ එතුමන්ගේ නොනිමි මෙහෙවරට උපහාරයක් වශයෙනි.

APPRECIATIONS - (14-08-2017)] | Daily News


ස්වභාව අධ්‍යාපනවේදී දාර්ශනිකයකු වූ රූසෝ නිර්මාණය කළ එමිල් දරුවා ඔහු යැයි මේ ලිපිය කියවන ඔබට හැගී යැ හැකිය. 18 හා 19 ශත වර්ෂවල දී රූසෝ පවසන්නේ ‘ගහ කොළ, සතා සිව්පාවා, ලිඳ, ගග හා ඇල දොළ ආදී ස්වාභාවික දේ අත්දැකීමට දරුවාට ඉඩ දිය යුතු ය’ යන්නයි. ඥානය වර්ධනය කර ගැනීමේ ප‍්‍රායෝගික ක්‍රියාවලිය අධ්‍යාපනය යි. යනුවෙන් ඔහු කරන මේ ප‍්‍රකාශය හා එක`ග වීමට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහයන්ගේ ජීවන චරිතාපදානය කදිම නිදසුනකි.

ගස් කොළන්, මල්, ගෙඩි හා කුරුල්ලන් ද අපා, දෙපා, සිව්පා හා බහු පාවෝ ද, ගහන වූ වන රොද පාඨශාලාවකට වඩා යමක් උගන්වනු ලබයි. පාසලේ දී මෙන් ඇතැම්විට අනුකරණයෙන්, කට හඩෙන් හෝ ගුරුවරයාගේ බල කිරීමෙන් හදාරනු ලබන අධ්‍යාපනය අභිබවා යන දැනුමක්, ඥානයක් අත්දැකීම් සමුදායක් වන රොදෙන් ලබා ගැනීමේ අවකාසය බහුල ය. සිය පවුලට අයත් මී ගව රංචුව ඔවුන්ගේ දෛනික සී සෑමේ රාජකාරිය ආරම්භ කිරීමට පෙර බඩ කට පුරවා ගැනීමට තණ කෑමට රැුගෙන යාමත් රාජකාරියෙන් පසු පසුදිනට ඔවුන්ව සූදානම් කර ගැනීමත් ළමා කාලයේ රණසිංහයන්ගේ ද රාජකාරිය විය. ඒ සඳහා මී ගව රංචුව මී ඔය සිසිලස රුගෙන ආ නරි ඔයේ අසල ඇති කැලයට යවා ඒ කැලය අසල ඇති වන රොදට වදින මේ කුඩා කොලූ ගැටයා පක්‍ෂීන් හා ඔවුන්ගේ කූඩු ද, හාවන්, මුගටියන්, තලගොයි හා විෂකුරු සපුන් ද තම මිතුරන් සේ සලකා ඔවුන්ගේ හැසිරීම් හා චර්යාවන් නිරීක්‍ෂණයක යෙදුණි. එකී නිරීක්‍ෂණයන්ගේ ප‍්‍රතිඵල ඉගෙනුම් හා ඉගැන්වීම් කි‍්‍රයාවලියේ දී මනාව කළමනාකරණය කර ගැනීමට එතුමාට හැකි විය

පරිසරයෙන් අත්දැකීම බහුලව ලබන දරුවා අධ්‍යාපන කි‍්‍රයාවලිය සඳහා ස්වාධීන වූත්, ස්ව උත්සාහයකින් යුක්ත වූත්, ශක්තියක් ඇත්තෙක් බවට ගොඩ නැගෙන බවට රණසිංහයන් කදිම නිදසුනකි. එදා මී ඔය ඉවුරට ගවයන් රැුගෙන ගෙන ගිය කොලූ ගැටයා ඉන්දීය දේව කතාවල එන රාමා හෝ කි‍්‍රෂ්ණා නොවීය. යමුනා නදී තීරය මෙන් සෞම්‍ය වූ දේශගුණයක් පුත්තලම තබ්බෝව මී ඔය නිම්නයේ කිසිසේත් ම නොවූ අතර වියලි කාලගුණය ඒ ප‍්‍රදේශවලට පමණක් නොව ජනතාවගේ සිතුම් පැතුම්වලට ද උරුම වූවකි.

සිියලූ යස ඉසුරුවලට වඩා ප‍්‍රඥාවම ශ්‍රේෂ්ඨ වන බවත්, ප‍්‍රඥාවන්තයාට ඉටු කර ගත නොහැකි කිසිවක් නොමැති බවත්, ප‍්‍රඥාව මිනිසාට රත්නයක් බවත් (ප‍්‍රඥා නරානං රතනං) සනාථ කොට දැක්වීමට රණසිංහ චරිතය කදිම ආදර්ශයකි. වර්ෂ 1949 ඉල්මස දහවන දින උපත ලබා අවුරුදු තුනකින් එනම්, 1953 සැප්තැම්බර් මාසයේ පුත්තලම තම්බපන්නි මහා විද්‍යාලයට ඇතුළත් වීම හා ප‍්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කිරීම පිළිබඳ කථා ප‍්‍රවෘත්තිය වයඹ පළාතේ අධ්‍යාපනයෙහි කටුකත්වය හා ජීවන අරගලය මැනවින් ප‍්‍රකට කරනු ලබයි. එය එදා මෙන් ම, වර්තමානයටත් වලංගු වීම අධ්‍යාපන අර්බුදයේ විෂමතාව පෙන්නුම් කරනු ලබයි.

අවුරුදු පහක්, හයක් වශයෙන් කාලය කෙමෙන් ගතවෙද්දි ගස්කොළන්, වතුර, මහපොළව තමන්ගේ සමීපතම මිතුරන් බවට පත්කර ගෙන ඇත. ඇලක හෝ වැවක පීනන්ඩ පුරුදු වී ඇත. වතුරට බිය නොවීය. ගස් කොළන් නිවැරදිව හඳුණා ගෙන, ඒ ගස්කොළන්වලට ආදරය කරන්නට පුරුදු විය. වඳුරන්ගේ සාමූහික හැසිරීම් බලා පුදුම දේ ඉගෙන ඇත. සරමට තට්ටුකර වළිකුකුළන් ළඟට ගෙන්වා ගැනීමට තරම් පරිසරය හා ගහකොළ සම`ග බද්ධ වීමට එතුමා සමත් වූ බව ප‍්‍රකාශ කර ඇත.

හේන් ගොවිතැන, යල හා මහ යන දෙකන්නම කුඹුරු අස්වද්දන පරිසරයක අත්දැකීම් ලබන්නට හැකි වූයේ සිය නිවසෙන්ම බව නිවස වටා පරිසරය සාක්‍ෂි දරයි. පොල්, දෙල්, කොස්, වීර, බුරුත, කොහොඹ, කජු, මී ආදී ගස් සුවඳ අනුව හඳුනා ගැනීමේ අපූර්ව හැකියාවක් ඔහු සතු විය. අත්තන, කිඩාරම්, බලූ නගුට, කහඹිලියා, බුරුල්ල, කිරිල්ල, ගඳ පානා, බෝවිටියා, ආදී ගසින් සෑදුණ රුක් ගොමු මෙතුමාගේ නිවහන විය. ගිරිතිල්ල, දුම්මැල්ල, තිත්ත කැකිරි, තුඹ, මදු වැල්, ආදී ලතාවෙන් සැදුන වියන් යට හුදෙකලා වීමට හිතැත්තෙකි. සල්, සපු, නා, නිල්, මානෙල්, කුමුදු, සමන්, රත්මල් ආදී පුෂ්පයෝ ජිවිතයේ නව අරුත කියා දී ඇත.

ගස් කොළන්, මිනිසුන්ට කතා කරනවා යැයි විශ්වාස කිරීම. ඒ නිසා ම ගස් කොළන්වලට වතුර දමද්දී අනුපිළිවෙලින් දැමීම මෙතුමාගේ පරිසර සංවේදිත්වයෙහි අපූර්වත්වයයි. වනයෙහි සැරිසරන රිළවුන් වදුරන් හා විවිධ වෙස්ගස් සමනලූන් කුරුල්ලන් ආදීන්ගේ සංචරණ දැහැන් ගත වී බවුන් බඩන තව්සකු මෙන් නිරීක්‍ෂණය කරමින් පරිසරවේදියකු සේ ලත් දැනුම පොතපතින් කිසිදා කවර අවස්ථාවක දී ද ලබා නොගත හැකි බව එතුමා ඇසුරු කළ පිරිස හොඳින් දන්නා කරුණකි.

පරිසරයෙන් ඉගෙනගත් නිසා සිය වෘත්තීය ජීවිතය හැඩ ගස්වා ගත් එතුමා විෂයාත්මක කරුණු විස්තර කරන ලද්දේ පරිසර අධ්‍යාපනයෙන් ලද ශික්‍ෂණයෙනි. දයාව, කරුණාව, පරිසරයට ආදරය කිරීම, මනුෂ්‍ය ගතිගුණ, රසඥතාවය, මිනිසුන් රස විඳීමට අවශ්‍ය පන්නරය ලබා ගෙන ඇත්තේ ද පරිසරයෙනි. තමන් වෙත පැවරුණු සමාජ හා ශාස්ත්‍රීය මෙහෙවර නිමවා නිධනප්‍රාරාප්ත වූ මහාචාර්ය පියදාස රණසිංහ නම් වූ මනාව දයාවෙන් පිරි සියලූ සිසු පිරිසගේ සදාතනික ඇදුරු වූ සහෘද රණසිංහයනි, ඔබතුමන්ගෙන් ශිල්ප ඥානය හා නුවණැස ලද සියලූ ගුරු සිසුන් වෙනුවෙන් අජරාමර නිර්වාණ ශාන්තිය ප්‍රාර්ථනා කරන්නෙමු.

ආචාර්ය  ආර්. ඞී. ආනන්ද තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment