මෙල්බන් නුවර අගලු දැමීම යළිත් දික් කරයි

221

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවරට දැනට පනවා ඇති කොරෝනා පාලන අගුලූ දැමීම තවදුරටත් දීර්ඝ කර ඇත.

 එරට දෙවැනි විශාලතම නගරය වන මෙල්බන්හි ලක්‍ෂ 70 කට අධික ජනගහනයක් වාසය කරති.

 කොරෝනා ආසාදිත වූවන් 92 ක් හමුවීමත් සමග මෙම අගුලූ දැමීම තවදුරටත් දීර්ඝ කරන බව ඔස්ටේ‍්‍රලියානු රජය ඊයේ (29 දා* නිවේදනය කළේය.

 මෙල්බන් සහ ඒ අවට වික්ටෝරියා ප‍්‍රාන්තයේ පනවා ඇති සති 04 ක අගුලූ දැමීම ඉවත් කිරීමට නියමිතව තිබුණි. නමුත් එක් රැුයකින් ආසාදිතයන් 92 ක් හමුවීම නිසා මෙම අගුලූ දැමීම තවදුරටත් දීර්ඝ කළ බව ප‍්‍රාන්ත අග‍්‍රාමාත්‍ය ඩෑන් ඇන්ඩෲස් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment