මෙවර දළදා පෙරහැර ජනතා සහභාගිත්වයෙන් තොරයි

588

මහනුවර දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බවද හෙතෙම කීය.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා පැවසීය.

අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරනු ලබන අතර දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment