මෙසී – පේලේගේ වාර්තාවක් ඉක්මවයි

291

පාපන්දු කෙළිබිමේ රජු ලෙස විරුදාවලිය ලැබ සිටින බ‍්‍රසීලයේ ‘පේලේ’ නමින් පැවති ගෝල් 77 දකුණු ඇමරිකානු පාපන්දු වාර්තාව අභිබවා යන්නට ආජන්ටිනාවේ ලයනල් මෙසී සමත් වූයේය.

ඒ අනුව දකුණු ඇමරිකානු පාපන්දු ඉතිහාසයෙහි වැඩිම ගෝල් ලාභියා ලෙස තමන්ගේ නම වාර්තා පිටු අතර ලියවා ගැනීමට ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම් නායක ‘ලයනල් මෙසී’ පෙරේදා (09දා) සමත් විය.

එහි දෙවැනි ස්ථානය පේලේ සතු වන අතර බ‍්‍රසීල ජාතික ‘නේමර්’ තෙවන ස්ථානයේ රැඳී සිටී. ඔහු සතු ගෝල් සංඛ්‍යාව 69 කි.

‘ගේබි‍්‍රයෙල් බැටිස්ටුටා’ නමින් පැවති ගෝල් 54 ක වාර්තාව අභිබවා යමින් ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර ගෝල් ලාභියා බවට ද පත්ව සිටින ලයනල් මෙසී රැුස්කර ගෙන ඇති ගෝල් ලකුණු සංඛ්‍යාව ඒ අනුව 79 ක් දක්වා ඉහළ ගියේය.

කටාර් දේශයේදී ක‍්‍රියාත්මක කෙරෙන මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයේ තරඟයකදී බොලීවියාවට එරෙහිව ගෝල් ත‍්‍රිත්වයක් ලබමින් අදාළ වාර්තාව බිහි කිරීමට 34 හැවිරිදි ලයනල් මෙසීට හැකිවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment