මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
”වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ 2 වැනි අදියරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී ඊයේ (30) මේ බව සඳහන් කළේය.
කුරුණෑගල, නිකවැරටිය ආසනයේ කොබෙයිගනේ,මීගස්වැව ප්‍රදේශයේ ඇති මහවැව ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරිණි. එම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුද එක්වූහ.
මීට සමඟාමීව හිරියාල මැද්දෙකැටිය වැව, පොල්පිතිගම කැන්දගොල්ල වැව, බැමිණිගල්ල මසුරන්කෝට්ටේ වැව සහ ගිරිබාව නිකවැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, එම වැව් ඇතුළු වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ 2 වැනි අදියර යටතේ රටපුරා වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
අද මාර්තු 30 වෙනිදා මට අමතක නොවන දවසක්. අද මගේ පියාගේ උපන් දිනය. මේ වැඩසටහනත් එක්ක එය සම්බන්ධ වෙන්නේ 1945 දී නාමයෝජනා පත්‍රයට මගේ පියා අත්සන් කළේ කුඹුරේ ඉඳල වක්කඩෙන් අත සෝදාගෙන ඇවිත්.
මිහිපිට වාසය කරන සෑම ජීවියෙකුගෙම පැවැත්ම රැුඳී තිබෙන්නෙ ජලයත් එක්ක. ජලය තමයි අපේ ජීවයේ පදනම වෙන්නෙ. අද අපි ගෙවන්නෙ ආමාරු කාලයක්. රටක් විදියට අපි වසංගතයකට මුහුණ දීලා ඉතිහාසයේ අභියෝගාත්මකම කාලයට මුහුණ දෙමින් සිටිනවා. දේශීයත්වයට මුල්තැන දෙන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් තමයි අපේ දැක්ම වුණේ. මේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළාම ග්‍රාමීය ජනතාවට කෘෂිකර්මාන්තයට තිබුණු දුෂ්කරතා රැුසක් ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි වැව් ටික ප්‍රතිසංස්කරණය වෙනකොට තවත් කර්මාන්ත රැුසකට එමඟින් ඉඩකඩ විවර වෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ වුණත් යෙදෙන්න අවශ්‍ය වටපිටාව නිවැරදිව සකස් වෙනවා.
අලූත් අවුරුදු සමය ළඟ ළඟ එනවා. ඇත්ත ප්රශ්නය දැක දැකත්, හෙට අනිද්දට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි. හැමදේම වැඩිවෙයි කියලා බොරු බිල්ලොත් මවනවා. සමහර ප්‍රශ්න ඇතැමෙක්ගේ උවමනාවට ජනතාවත් නොදැනීම නිර්මාණය කරපුවා. අපි අර්බුදයක් තියෙන බව පිළිගන්නවා. රජයක් විදියට ඔබගේ ඒ දුෂ්කරතා මග හැරලා එදිනෙදා ජීවිතය ගොඩනගන්න අවශ්‍ය සහයෝගය ලබාදෙනවා.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
පහුගිය අවුරුදු පහේ ආණ්ඩුව ආපු ගමන් කිව්වේ කුඹුරු අස්වද්දන්න එපා කියලා. අද අපි වැවක් ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තමත් ඔවුන් මොනාද කියන්නේ. නිධානයක් හාරන්න ගියා, එක්කෝ පස් අදිනවා, එහෙම නැත්නම් වැලි අදිනවා කියනවා. ගෞරවයක් දෙන්නෙම නෑ. ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කියල පෙන්වමින් ගොවි ජනතාවගේ සංවර්ධනය යටි අරමුණකින් නවත්තන්නයි මේ අයට උවමනා.
ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්,ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද උත්සවය ඇමැතීය. වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුර බාලසූරිය