මේජර් ජයබාහු ගැන අශාන් කියන කතාව

286

“සරිගම” විජයබාකොල්ලය” හේලි වැනි නිර්මාණ හරහා රසික ආදරය දිනාගත් අශාන් ඩයස් කාලෙකට පස්සෙ ටෙලි නාට්‍යයකින් දකින්න ලැබෙනවා. මේ කතාබහ ඒ වෙනුවෙන්…

කාලෙකට පස්සේ ටෙලි නාට්‍යයකින් දකින්න ලැබෙනවා. මොන වගේ රසික පිරිසක්ද ඔබ වටා ඉන්නෙ?

මගේ මුල්ම ටෙලි නාට්‍ය වුණෙ හේලි.. මොන නිර්මාණයකට සහභාගී වුණත් ඒ හැමදේම නරඹන පොඩි රසික පිරිසක් මට ඉන්නවා. ඒ අයට අමතරව මේ ටෙලි නාට්‍යයේ තව ජනප‍්‍රිය චරිත කිහිපයක්. ඒ අයගෙ රසික පිරිසත් මේ නාට්‍යය වටා එකතු වෙලා ඉන්න නිසා ඒ අයගෙනුත් හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවා.

සිනමාවේ රැුඳුන අශාන් ඇයි ටෙලියක් භාර ගත්තෙ?

මෙතනදි මට කියන්න තියෙන්නෙ අශාන් ඩයස් කියන්නෙ නළුවෙක් විතරයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් සිනමාවේ” පුංචි තිරයේ හෝ වේදිකාවේ වුණත් මට අශා හිතෙන වගේම අභියෝගාත්මක එකක් නම් ඒ චරිතයෙන් මගේ චරිතයට හානියක් නොවෙනව නම් මම ඒක භාර ගන්නවා. ඒ නිසා ටෙලි නාට්‍ය භාර ගන්නෙ නැහැ කියනදේවත් සිනමාවට සීමා වෙනවා කියන දේවත් කියවෙන්නෙ නැහැ.

මේජර් ජයබාහු ගැන අශාන් කියන කතාව



පියාඹන මූණිස්සම් භාරගන්න විශේෂ හේතුවක් තිබුණාද?

ඔව්… හේතු දෙකක් තිබුණා. එකක් අනුරුද්ධ ජයසිංහ කියන අධ්‍යක්‍ෂවරයා මේක කරන්නෙ කියල දැනගත්ත ගමන් කැමැත්තක් ඇතිවුණා. මොකද ටික කාලෙක ඉඳන් ඔහු එක්ක වැඩකරන්න ආසාවෙන් හිටියා. දෙවැනි එක මෙහි රේඛීය අධ්‍යක්‍ෂවරයා වන නධීර පිටපතත් අරගෙන මාව

මුණගැහෙන්න ඇවිත් කතාව සහ ඔවුන්ගේ

සැලසුම පැහැදිළි කළා. ඒ අනුව තමයි මේකට කැමැත්ත ඇති වුණේ.

මේජර් ජයභාහුගේ චරිතය ගැන කතා කළොත්?

මේක අවස්ථාවේ හැටියට වෙනස් වෙන ටිකක් ස්කීර්ණ චරිතයක්. ඒ වගේම මට රංගන ශිල්පියෙක් විදිහට එවැනි චරිතයක් කරන්න ලැබීම ලොකු වාසනාවක්.

චරිතය ගැන අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රතිචාරය?

අපි මේ ගැන කතාකරන්න මුලින්ම මුණගැහුණ දවසේ අනුරුද්ධ කතා කළේ ජීවිතය ගැන. කලාව සහ ජීවිතයේ සම්බන්ධය” සංකීර්ණතා වගේ දේවල්. මේ කතාවත් එක්ක අපේ අදහස් සමාන තත්ත්වයකට ආවා. ඉන් පසුව තමයි චරිතය ගැන කතා කළේ. එතනම හොඳ ආරම්භයක් තිබුණා. චරිතය කරද්දි ඔහුගෙන් සියයට සියයක සහයෝගයක් ලැබුණා. එමගින් මගේ උපරිමය ගන්න ඔහු උත්සාහ කළා වගේම සීමාවකින් තොරව චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව දුන්නා.

දර්ශන තලයේ අත්දැකීම?

මේක ටිකක් වෙනස්. මොකද මේ සඳහා සහභාගි වන ශිල්පීන් කාර්යබහුල අය වන නිසා බොහෝ වෙලාවට රූගතකිරීම් එකට සිදු වෙන්නෙ නැහැ. ඇත්තටම මේ වන විටත් මෙහි ප‍්‍රධාන චරිත ර`ගපාන ඇතැම් ශිල්පීන් මට මුණගැහිල

නැහැ. මගේ චරිතය එක දිගට රූගතකිරීම් කරන්න ඕනා. ටිකක් අමාරුයි. නමුත් මට ඒක අලූත් අත්දැකීමක්.

පියාඹන මූණිස්සම්වලට අමතරව?

මේ දිනවල සාරංග මෙන්ඩිස්ගෙ නිර්මාණාත්මක වැඩක් ඉදිරියේදී එන්න තියෙනව. දැනට ඒක පටන්ගෙන තියෙනවා. නමුත් කොවිඞ් නිසා අතරමග නතරකිරීමට සිදුවුණා. දැනට මීට වඩා දෙයක් කියන්න බැහැ. කොහොම වුණත් හොඳ වැඩක් කියල කියන්න පුළුවන්.

සිනමාවෙ තොරතුරු?

සිනමාවට ආරාධනා ලැබෙනවා. ඒ ලැබෙන හැම එකක්ම භාරගන්න වෙන්නෙ නැහැ. මොකද මොකක් හරි අඩුපාඩුවක් තියෙන නිසා. පිටපත හොඳද” මම ඒ චරිතෙට කැමතිද” අධ්‍යක්‍ෂවරයා ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද වගේ දේවල් සියල්ල ගලපලා බලද්දි මට හරියන නිර්මාණයක් තවම ලැබුණෙ නැහැ. දැනට මම අවසාන වශයෙන් සහභාගි වුණේ මාරියා චිත‍්‍රපටයට. දැනට මම කැමති නිර්මාණ කිහිපයක් ගැන කතාකරගෙන තියෙනව. නමුත් ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ඒවා පටන් ගන්න ආයෝජකයන් හොයාගන්න අමාරුයි. හිටපු අයත් අයින් වෙනවා.

අශාන් ඩයස් වෘත්තීයමය රංගන ශිල්පියෙක් නොවෙයිද?

මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්.

වෘත්තීයමය රංගන ශිල්පියෙක් නිර්මාණ තෝරාබේරා ගැනීමේදී ආදායම පිළිබඳ ගැටලූ මතුවෙනවා?

අනිවාර්යයෙන්ම ගැටලූ මතුවෙනවා. මේක යට ඉඳල උඩට හැදෙන්න ඕන දෙයක්. ඒත් ලංකාවේ මේ තත්ත්වය කවදා හැදෙයිද කියල දන්නෙ නැහැ. නිසියාකාර මුදලක් ලැබෙන්නෙ නැති නිසා අපි කියනව ලංකාවේ වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පියකුට ජීවත් වෙන්න අමාරුයි කියල. නමුත් ඒ වටිනාකම කලාකරුවන් හැටියට අපිම හදාගත යුතු තැනක තමයි ඉන්නෙ. බොහෝ දුරට සියයට අනූවක් විතර කලාකරුවන් රංගනයට අමතරව මොකක් හෝ වෘත්තියක්” ව්‍යාපාරයක් කරනව. නමුත් කාලය ශ‍්‍රමය සියයට සියයක්ම කලාව වෙනුවෙන් යොදවන්න තමයි මගේ කැමැත්ත තියෙන්නෙ.

ඔබ නිවේදකයෙක්?

ඇත්තටම කියනවනම් ඒක තමයි මට තියෙන වාසනාව. නිවේදනය පැත්තෙන් මම කරන වැඩ ටිකක් තියෙනව. ඒකෙන් මම යම්කිසි මුදලක් ලබාගන්න නිසා මගේ රංගන ජීවිතයේ වටිනාකම පහත නොදා වැඩ ටික තෝරා බේරා ගන්න පොඩි අවස්ථාවක් තියෙනවා.

මාරියෝ සිනමා නිර්මාණයේ අත්දැකීම?

ඒක නම් කෙනකුට ලෙහෙසියෙන් නොලැබෙන අමුතුම අත්දැකීමක්. රංගන ශිල්පීන් හත් දෙනයි හිටියේ. සියල්ල රූගත වුණේ මුහුද මැදදී. ජීවිතය මරණය අතර සටනක් කරමින් තමයි රූගතකිරීම් කළේ. වටිනා අත්දැකීමක් වගේම මීට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු වාසනාවක්.

ඉදිරි සැළසුම්?

මට එහෙම නිශ්චිත සැළසුම් නැහැ. වෘත්තීයමය රංගන ශිල්පියෙක් හැටියට ඉදිරියට වැඩකරගෙන යන්න” ඒකෙන් ජීවත් වෙන්න වගේම හොඳ නිර්මාණයකට සම්බන්ධ වීම හරහා දැනට තියෙන ප‍්‍රමිතිය ඉහළ තැනකට ගේන්න ඕනා කියන බලාපොරොත්තු විතරයි තියෙන්නෙ.

ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත්ද?

අවංකවම නැහැ. එතැන තියෙන්නෙ පොඩි කලකිරීමක්. මේක පිටපත් ලියන්න්ගේ අඩුවක්ද නැතිනම් හොඳ පිටපත් ලියන අය ඒකෙන් ජීවත් වෙන්න බැරි නිසා ලිවීම අතහැරලද කියල දන්නෙ නැහැ. හොඳ පිටපත්” හොඳ චරිත ලැබෙනව බොහොම අඩුයි. මේ නිසා රංගන ශිල්පියෙක් ලෙස මම මගේ හැකියාවෙන් සියයට පණහක්වත් ප‍්‍රයෝජන අරගෙන නැහැ.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – චමත්ශා අම්බලන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment