‘මේ පාර පඩියෙන් මට සතපහක් එපා’

621

මේ පුද්ගලයා කොළඹ ආයතනයක සේවය කරන අයෙකි. අඩියක්පුඩියක් ගහන ඔහු මාසික වැටුප ගත් පසු රුපියල් දස දහසක් අතේ තබාගෙන ඉතිරි මුදල් සියල්ල බිරිඳට දීම කලක සිට කරගෙන ගිය දෙයකි.

අතේ තබා ගන්නා රුපියල් දස දහසින් එළවළු ටිකක්, මාළු ටිකක්, පරාට හා කොත්තුවක් මිලදී ගෙන ඉඳහිට රැගෙන ගොස් දරුවන්ට දෙන මොහු දිනපතාම පාහේ කාලක් ගසා නිවසට යන්නේ රුපියල් දසදහස නිසි පරිදි කළමනාකරණය කර ගනිමිනි.

‘‘ ඕයි තමුසෙ හැමදාම බීලා ගෙදර එනවා. හාල් නෑ. පොල් නෑ. ළමයින්ගේ පංතිවලට සල්ලි

ගෙවන්න විදිහක් නෑ.’’ බිරිඳ සුපුරුදු පරිදි ආඩපාලි කියන්නට ගත්තාය.

‘‘මොන කරදරයක් ද ඕයි. තමුසෙට මුළු පඩියම දුන්නා. මම අඩි ගහන්නෙ හිඟා කාලා.’’ සැමියා කීවේ බැරිම තැනයි.

‘‘හරි හරි…. තමුසෙ මහ ලොකු කළමනාකරුවා නම් මේ පාර පඩියෙන් මට සත පහක් එපා. තමුසෙම තියාගෙන මාසෙම අපිට කන්න දෙනවා’’ බිරිඳ කීවේ ස්ථානෝචිත ප‍්‍රඥාව සහිතවය.

‘‘හරි ඕයි මම දන්නවා කළමනාකරණය’’ කී සැමියා මෙවර වැටුප ගෙන ගෙදරට අඩුමකුඩුම ගෙන එන්නට පියවර ගත්තේය.

එදින රෑ නිවසට පැමිණි සැමියා බිරිඳට ආදරෙන් කතා කළේ තිබූ සැර පරුෂ ගති තුනී කර ගනිමිනි.

‘‘අනේ නෝනෙ මට ඒ වැඩේ කරන්න බෑ. ඔයාම මගෙ සම්පූර්ණ වැටුප අරන් මාසෙ දුවවන්න. මට නම් බෑ’’ ඔහු පරාජය භාරගනිමින් කීවේ ජීවත් වෙන්නට බෑ ඕයි කියමිනි.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment