මේ ලොක්ඩවුන් ක‍්‍රමවේදය වැරැදියි: ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම හමුවේ සෙල්ලම් කිරීම අති භයානකයි… රජය හෙළි කරන කොවිඞ් මරණ සංඛ්‍යාවට වඩා වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා

142

ආණ්ඩුව රට ලොක්ඩවුන් කළත් පාරේ නැත්තෙ නැව් විතරයි. අනිත් සියලූ වාහන පාරේ ගමන් කරනවා. දැන් සිදුවනුයේ ජනතාවගේ බලකිරීම පිට ඔන්න උඹලට ඕන නිසා අපි දෙනවා වගේ ලොක්ඩවුන් එකක් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

 විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා  (30 දා* පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

 අද කොවිඞ් දත්ත රජය හෙළිදරව් කරන සංඛ්‍යාවට වඩා වැඩි ප‍්‍රමාණයක් මරණ මේ රටේ සිදු වෙනවා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියනවා මේ රටේ පැයකට කොරෝනා මරණ 9 සිදුවෙන බව. එහිදී මෙලෙස මියයන ප‍්‍රමාණය වැඩි වෙන්නේ කිසිදු එන්නතක් නොගත් පිරිස හෝ එක් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පිරිස බව එයට වගකිව යුත්තේ කවුද?

 කොවිඞ් එන්නත් ප‍්‍රමාද කරේ රජයයි. ආණ්ඩුව සිදුකළේ සුර්ශනී පැණිය රිටිගල පැණිය, ධම්මික පැණිය, ගෙනාපු එක. එම නිසා ඔය ඇමැතිතුමාට පැණි ඇමැතියා කියලා නම වැටුනා. එන්නත්කරණය මේ තරම් ප‍්‍රමාද වෙලා තිබෙන්නේ විපක්ෂ නායකතුමා මමත් 2020 මුල් කාලයේ පාර්ලිමේන්තුවේ දී වහාම එන්නත් ටික ඇනවුම් කරන ලෙස ඉල්ලා සිටියා. එසේ නොකළොත් බොහෝ රාජ්‍යයන් බිලියන ගණනින් එන්නත් ඇනවුම් කරනවා. අද මියයන බොහොමයක් මියයන්නේ එන්නත් නොගත් නිසා අද ජනතාව කිලෝමීටර් හතර පහ එන්නත ගන්න පෝලිමේ ඉන්නවා. මේ තත්ත්වයට පත් කළේ මේ රජය. අද වන විට ලෝකයේ රටවල චීනයේ ජනගහනය කෝටි 143 එම රටේ අද වන විට මරණ 4136 අපේ රටේ ජනගහනය කෝටි 1.21 අපේ රටේ මරණ අද 875 වෙලා තිබෙනවා.

 එය මේ රටේ කළමනාකරණයේ හැකියාව තමයි. මරණ ප‍්‍රතිශතයක් විදියට ශ‍්‍රී ලංකාවේ ඉන්නේ අද ඉහළම තැන. ජනගහනය අනුව මරණ සංඛ්‍යාව 9ක් තිබෙනවා. ඉන්දියාවේ දශම තුනයි. පාකිස්තානය දශම 3යි. බංගලාදේශය දසම හතයි. අද ඉන්දියාවට වඩා තිස් ගුණයක් අපේ රටේ මරණ සංඛ්‍යාව වැඩියි. පාකිස්තානය වගේ තිස්ගුණයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අද මරණ සංඛ්‍යාව විකෘති කරලා. මේ කියන සංඛ්‍යාව වගේ දෙගුණයක් මියයන බව තමයි

 පිලිගන්න සිදු වන්නේ. ඒ බව ඊට කලින් දෙරණ මාධ්‍ය පැහැදිලි කිරීමක් කළා. එය ගම්පහ දිස්ත‍්‍රික්කය පිළිබඳව මෙහිදී ආණ්ඩුව කියන සංඛ්‍යාවත් රෝගීන් සංඛ්‍යාවත් අතර ලොකු පරතරයක් තිබෙනවා.

 රජය විසින් අගෝස්තු මාසයේ ලබාදෙන දත්ත විශාල ප‍්‍රමාණයක් පිළිගත හැකි ඒවා නොවේ. ඇයි මේ විදියට දත්ත

 හන්ගන්නේ. ඒ වගේම විශේෂඥ වෛද්‍ය නිලීකා මලවිගේත් අදහස් දක්වා තිබුණා. එතුමිය එන්නත් ලබාගත් අයගේ මරණ පිළිබ`දව පරීක්ෂණයක් සිදු කරලා. එහිදී සයිනොෆාම් එන්නත ගත්ත අය මේ වන විට මියගොස් තිබෙනවා. ෆයිසර් එන්නත ගත් අය තුන්දෙනෙක් මියගිහින් තිබෙනවා. කොවිෂීල්ඞ් ගත්ත අය එක්කෙනයි

 මියගොස් තිබෙන්නේ. මේ පිළිබඳව අපි අනිකුත් එන්නත් ගෙන්න ගන්න කියනකොට අපිට නොයෙකුත් විදියේ පහර ගැහුවා. අපි කියන්නේ මේ රටේ ජනතාවට හොඳම එන්නත් ටික ලබා දිය යුතුයි කියලා.

 ලොක්ඩවුන් එක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම අනතුරු අ`ගවා තිබුණා. එහිදී කියනවා 30 වෙනිදා දක්වා ලොක්ඩවුන් කළොත් මේ රටේ දාසය දහස් හත්සියයක් මියයනවා කියලා. මේ ලොක්ඩවුන් එක සැප්තැම්බර් 18 වෙනකන් ගෙනියන්න පුළුවන්නම් දාසය දහස් හත්සියක් මරණ 13000 දක්වා අඩුකර ගන්න පුළුවන්. ඔක්තෝබර් දෙවැනිදා වෙනකන් ලොක්ඩවුන් කළොත් 10400 දක්වා අඩු කරගන්න පුළුවන්. එහි වෙනස 6300ක් ජීවිත බේරගන්න පුළුවන්. ඒ අතරේ තමන්ගේ දරුවා නංගි අයියා මල්ලි ඉන්න පුළුවන්. එක ජීවිතයක් වුණත් විශාල ලෙස වටිනවා. මේ නිසා තමයි කියන්නේ ඇත්තටම ආර්ථිකයට වඩා මිනිස් ජීවිතය ගැන රජයක් විදියට බලන්න ඕන බව.

 නවසීලන්ත රටේ අග‍්‍රාමාත්‍යතුමිය තමන්ගේ රටේ එක රෝගියෙක් හමුවෙලා මුළු රටම වැහුවා. එතුමිය මාධ්‍යයට ඇවිල්ල ප‍්‍රකාශයකුත් කළා. එතුමිය කිව්වා මට මගේ රට වැසියන්ගේ ජීවිත පර්යේෂණ කරන්නට හෝ අත්හදා බැලීමට හෝ අවශ්‍ය නැති බව. මේ තීරණාත්මක අවස්ථාවේ ලොව පුරා බොහෝ රටවලින් ඩෙල්ටා ප‍්‍රභේදය හමුවේ ලොව බොහෝ රටවල් අසරණව සිටින අයුරු අපි අත්දුටුවා. ඩෙල්ටා ප‍්‍රභේදය එහි භයානකකම අපි හොඳින් දන්නා නිසා ඒ සමග සෙල්ලම් කිරීමට හෝ සුළු හෝ අවදානමක් දැරීමට අප සූදානම් නොවිය යුතුයි. අප වෙනත් රටවල්වලින් පාඩම් ඉගෙන ගැනීමට තරම් නිහතමානී විය යුතුයි.

 රට වසා තැබීමෙන් ආර්ථික හා සමාජයීය වශයෙන් හානියක් සිදුවිය හැකි බැවින් අපි මදක් රට වසා තබා වෛරසය පරාජය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට කාලය

 ලබාගනිමු. රට වසා තැබීම ඉතා බැ?රුම් හා තීරණාත්මක තීන්දුවක්. එය ඔබ දැඩි ලෙස පීඩාවට පත් කරන සිදුවීමක් බව මම දනිමි. එහෙත් රටේ රාජ්‍ය නායකයා විදියට මගේ යුතුකම සෑම මනුෂ්‍ය ජීවිතයක් ආරක්ෂා කිරීමට කැපවීමයි. මා මේ තීන්දු තීරණ සියල්ල ගනු ලබන්නේ මගේ රටේ සෞඛ්‍ය අංශය විසින් ලබාදෙන උපදෙස් අනුව එම ලබාදෙන උපදෙස් අනුව මගේ රට ආරක්ෂා කිරීමට බැඳී ඇත සෞඛ්‍ය උපදෙස්වලට පිටින් දේශපාලනය කිරීමට මා එකඟ වන්නේ නැත. මේ එතුමියගේ ප‍්‍රකාශයයි. ඇත්තටම ඇය කියලා තිබෙන්නේ අපේ රටේ පාලකයන්ට ගැළපෙන ආකාරයටයි.

 අද ලොක්ඩවුන් එක කරනවා පාරට ගිහින් බැලූවා නම් තේරෙනවා. නැත්තෙ නැව් විතරයි කියලා. අනිත් සියලූ වාහන පාරේ. පිටරටක ලොක්ඩවුන් පින්තූරයක් බැලූවනම් එක වාහනයක් පාරක නැති බව බලාගන්න පුළුවන්. මේ තනිකරම කරන්නේ ජනතාවගේ බලකිරීම පිට ඔන්න උඹලට ඕන නිසා අපි දෙනවා වගේ ලොක්ඩවුන් එකක්. මේක නෙමෙයි ලොක්ඩවුන් කරනවා නම් හරියට කරන්න. මිනිස්සු අහන්න පුළුවන් මෙච්චර කල් මේක වහගෙන ඉන්නේ ඇයි කියලා. අන්න ඒක තමයි ලොක්ඩවුන් ක‍්‍රමවේදයේ වැරැද්ද. පිටරටවල් කරනකොට සියලූම වෙළෙඳසල් විවෘතයි. සියලූම ඖෂධසල් විවෘතයි. සියලූම සායන විවෘතයි. ඒ ආකාරයට තමයි ලොක්ඩවුන් එක කරන්නේ. හැබැයි මහපාරෙ එහෙ මෙහෙ මිනිස්සුන්ට ඇවිදින්න බැහැ. එක ගෙදරකින් තව ගෙදරකට යන්න බැහැ. අත්‍යවශ්‍ය දෙයක් ගන්න වෙළෙඳසලට යා හැකියි. රෝගියකුට රෝහලකට යා හැකියි. වෛද්‍යවරයකු හමුවිය හැකියි. එවැනි අත්‍යවශ්‍ය සේවා පමණයි එසේ විවෘත කරන්නේ. අනිත් කිසිම දෙයක් විවෘත කරන්නේ නැහැ. එතකොට මෙහෙ කරන්නේ වෙළෙඳසල් වහගෙන තිබීම. ඒ තමයි අපේ රටේ ලොක්ඩවුන් එකේ වෙනස.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment