මේ වසරේ අලි මරණ 350ක්: වැඩිම මරණ වෙඩි තැබීම්වලින්

24

මෙම වසර (2024) තුළ වන අලින් 350ක් පමණ මරුමුවට පත්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වෙඩි තැබීම්වලින් සිදුව ඇති බවද වනජීවී දෙපාර්තමේන්තුව කියයි. එම සංඛ්‍යාව 70කි.

එසේම වැදුලි සර වැදීමෙන් අලි 50ක් මෙම වසර තුළ මියගොස් ඇත. හක්කපටස් ආහාරයට ගැනීමෙන් අලි 35 දෙනකු මියගොස් ඇත. එමෙන්ම මෙම වසර තුළ දුම්රියේ ගැටීමෙන් වන අලි 10 දෙනකු මියගොස් තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment