මේ වසරේ තුන්වැනි කාර්තුවේ ආර්ථිකය 5.5% කින් ඉහළ ගිහින්

27

මේ වර්ෂයේ (2024) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.5 කින් වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී රු. මිලියන 2,987,544ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2024) තුන්වන කාර්තුවේ දී රු. මිලියන 3,151,941 ක් දක්වා වර්ධනය වී ඇත. ගිය වර්ෂයේ (2023) තුන්වන කාර්තුවේදී වාර්තා වූ ආර්ථික වර්ධන අගය සියයට 1.6ක් පමණි. මේ වර්ෂයේ (2024) තුන්වන කාර්තුවේ කෘෂිකාර්මික කටයුතු සියයට 3කින් ද, කර්මාන්ත කටයුතු සියයට 10.8කින් සහ සේවා ආර්ථික කටයුතු සියයට 2.6කින් ද වර්ධනය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment