මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්

73

2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. 2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී තිබුණු අතර එය 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේදී රු. මිලියන 3,329,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment