මේ වසරේ මාස 10ට ඩෙංගු රෝගීන් 69,479 ක්

59

මෙම වසරේ (2023) ගතවූ මාස 10 යි දින 5 ක් තුළදී ඩෙංගු රෝගීන් හැටනවදහස් හාරසිය හැත්තෑනව දෙනකු (69,479) හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලීන් ආරියරත්න මහතා ‘දිවයින’ට (5 දා) පැවසීය.

මෙම කාලය තුළ ඩෙංගු මරණ 39 ක් වාර්තා වූ බව ද හෙතෙම කීය.

ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක්ම පාසල් දරුවන් බවත් මේ නිසා විශේෂයෙන් පාසල් පරිශ්‍ර, පන්ති කාමර නිරතුරුව පිරිසිදු කරගන්නා ලෙසත් ඒ මහතා පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment